(නිමල කොඩිතුවක්කු)
රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව සීමා නීති පනවමින් ජනතාවට ඉතුරු වී තිබෙන යට ඇඳුමත් ගැලවීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
ආණ්ඩුවේ අසාර්ථක ප්‍රතිපත්ති රට පත්ව ඇති අර්බුදවලට හේතු වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"රුපියලේ අගය පවත්වාගෙන යන්න මහ බැංකුව භාණ්ඩ 623කට ආනයන කරද්දි 100%ක් එල්.සී. අරිනවිට මුදල් තැන්පත් කිරීමේ අවශ්‍යතාවයක ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියන්නේ මොනවද ඒ සඳහා ජංගම දුරකථන රූපවාහිනී ශීතකරණ ලෙස නම් කරලා එහිදී ජංගම දුරකථන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ද කියලා අපි අහනවා. මේ රටේ ජංගම දුරකතන නිෂ්පාදනය කිරීමත් සිදු කරන්නේ නැහැ. මේ අය ආණ්ඩු ගත්තෙ තාක්ෂණික යුගයකට රට ගෙනියනවා කියලා. ඒ විතරක් නෙමෙයි යට ඇඳුමත් අද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට පත් කරලා.
මේ ආණ්ඩුව ජනතාවට ඉතුරුවෙලා තියෙන යට ඇඳුමත් ගලවන්නයි හදන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සාර්ථක වෙන්නේ නැහැ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලග වාචාලයා විසින් "උම්බෑ" නදදීමට පටන්ගනා ලදී.......
යට ඇඳුම් වල වද බෙහෙත්.
බලය ලබා ගැනීම සඳහා කෙලින කෙබර
කොළ අතු අදින්න වෙයි .... ඇමසන් වනයේ ඉන්න මිනිස්සු වගේ..
බොහෝ කලක සිටන් අප රටේ නිෂ්පාදනය කරන ඇඳුම් තමයි ඉතා බහුලව සුපිරි වෙළඳසැල් වල තිබෙන්නේ. පිටරට ඒවා නොවේ. ඉතා හොඳ තත්වයකින් ඒවා නිෂ්පාදනය වෙනවා... ඉතින් මේ ඇඳුමක් අල්ලගෙන කුණු රසයක් හොයන්න එපා. ඕක පවත්වාගෙන යන්න අමාරුයි.
දැන් ඔහෙලා කියන්නේ මෙයාලා හොඳ නෑ ... ඊළඟ පාර අපිට දෙන්න අපි කරන්නම් කියලා නේ.. ඕකම අැහුවා 2015... දෙගොල්ලන්ම බොර දියේ මාළු බාමින් අවුරුදු ගාණක් කලේ එකම සෙල්ලම තමයි. පක්ෂ බලේට අාවාම ලොක්කට හිතවත් සෙට් එක තමයි රට පාලනය කරන්නේ... ඔහෙලා නිකන් බෝඩ් ලෑලි...
අපි කැමතියි... අපි ලංකාවේ...
කිසි ප්‍රශ්නයක් නැහැ.
දැන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක නැහැ ලංකවෙන් මහලා තමයි යුරෝපෙට ඇදුම් යවන්නේ.
අපි අමුඩෙට කැමති
ඇත්තටම අපි ලැජ්ජා වෙන්න ඕන. ලංකාවෙ වැඩිම විදෙස් විනිමය ගේන්නේ ඇඟලුම් වලින් . ඒත් යට ඇඳුම ගේන්නේ පිටරටින් . මේ කෑ ගහන එවුන්ට ලැජ්ජා නැද්ද . අවු 75 තිස්සේ මොනවද කලේ කියල. අපිට මතකයි වෙලෝනා, වෙයා වෙල් වගේ ඒවා එකල තිබෙනවා . දැං වත් යට ඇඳුම විතරක් නෙවෙයි අනෙක් ඒවත් හැකි තරමක් විදෙස් වලින් ගේන එක නතර කරපල්ල.
මේ මහත්වරුන් බොරදියේ මාලු බාමින් දේශපාලන සෙල්ලම් කතාකරනව. පේනව නේද හැමදෙයක්ම පිටරටින් ගේන ආර්තික ක්‍රමයකට මේ වගේ වසන්ගතයකදී මුහුන දෙන්න නොහැකිබව.
යට ඇඳුම් ඉම්පොට් කරන කොම්පැනිය අයිති සජබ ටද? ඇයි මේ වැඩකට නැති දේකට මේ තරම් කෑගහන්නෙ? ඉම්පෝටඩ් යට ඇදුම් අදින්නෙ ලංකාවේ 1% අඩු ප්‍රමානයක්.
2015 පැවති දුෂිත පාලනයට විරුද්ධව ඔබට ඡන්දය දුන් ජනතාවට ඔබ මොකක්ද කලේ.?
මේ අම්බරුවට තේරෙන්නේ නැද්ද 2020 මාර්තු සිටම රටේ හරිහමන් නිෂ්පාදනයක් නැහැ. ආර්ථිකයත් පල්ලම් බස්සලා මේ ගොල්ලන් රට දුන්නේ... එහෙම වුණාම ටික කලකට හරි මේ විදිහට ගිහින් රට පොඩ්ඩක් නැගිටගත්තාට පස්සේ මේ අම්බරු කථා කිව්වා නම් හරි කියලා...
කොරෝනා නිසා මුළු ලෝකෙම කණපිට හැරුණු බවවත් තේරෙන්නේ නැති හරක් රට බාරගත්තොත් රටට මොනවා වෙයිද ?
බේබිලාගෙයි, හාමුලාගෙයි පවුල් පාලනේ අතකොලු නිසා.. ඔහෙලා වගේ අයට හර්ෂ මහතා කියන දෙය නොතේරෙනවා වගේ කමෙන්ට් දානවා...මොකද වහල්ලු නිසා..
ඔයාලා වගේ අයටනම් අඳින්න ඕනේ නැහැ .මොකද හරක් ඇඳුම් අඳින්නේ නැහැ නේ .
ඔයාලට නම් රටින් ගෙනෙන ඒවා ලොකු බව අපි කවුරුත් දන්නවා. ඒකනේ ඔයාලගේ ලොක්කා 2015 ඉඳලම කළේ... කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකරන්නත් යෝජනා කළේ.. අපිට නම් අපේ රට පොල්සම්බෝලයි, බතුයි කාලා අපේ රටේ නිපදවන ඇඳුමක් අඳින එක පිටරටින් හිඟාකනවට වඩා නම්බුයි...
මොනවද මේ ආණ්ඩුව මේ කර්නෙ