(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනකු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ දයාශාන්ත නේවාසිකාගාරයට පසුගිය පෙබරවාරි මාසයේ මාසයේ 15 වැනි දා යුතු ලෙස ඇතුළුවී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් නවක සිසුන්ට පහරදී තුවාල සිදුකර නවක වදය දුන්නේ යැයි කියන චෝදනා යටතේ මෙම සිසුන් හතර දෙනා සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් මොරටුව, වැලිමඩ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 23 සහ 24 යන වයස් වයස්වල පසුවන අය වෙති
පරීක්ෂණ පවත්වා සැකකාර සිසුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිසියේ අතුරු වූවන් පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට තවම අර පාර්ලිමේන්තුවේ ඉන්න රාජ්‍ය ඇමැතිවරිය අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න බැරිවුනා නේ
මෙන්න මෙ වඩෙ නම ඉතාමත්ම හොඳයි. ඔය නවක වදය දෙන එවුන්ව පාරෙ ඉන්දවල හෙලුවෙන් තියන්ඩ ඕනි. මෙවුන්ව විශ්ව විද්‍යාල වලින් පන්නල දාන්ඩ.
මෙවුන්ව වදාපු එකාලට ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ
මේ නින්දිත නවකවදය දෙන අයට උපරිම දන්ඩුවම් දිය යුතුයි .ලෝකේ කිසිම රටක මේ වගේ සිදුවිම් ගැන අහන්ඩවත් නැහැ. ලැජ්ජයි ,ඔවුන්ගේ හැසිරීම් ගැන .
රටේ තියෙන නවක පනතට අනුව මේ අයට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි? මේ නරුම හැසිරීමට නිසි දඬුවම් නැති නිසයි මේක නැවත වන්ට බැරි.
අන්තරේ අය අරගල කෙරුවාට විශ්ව විද්‍යාල ඇතුලේ වෙන දේවල් ගැන කතාවක් නැහැ...
ශිෂ්‍ය භාවය අහෝසි කරමු අනේ...!