
(වයි.ඵ්.ඵස් වීරවංශ)
නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද දහවල් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වැටලුහ .
එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණක නෙරංජන් සිසුවා සදහන් කළේ මේ වන විට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව උග්‍ර වී ඇති බවයි.
එම නිසා එම ගැටළුවට වහාම විසදුම් ලබා දෙන ලෙසට රජයට සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට බල කර සිටින බව ඔහු සදහන් කලේය.
විසදුම් ලබා නොදුනහොත් මීට වැඩිය දැඩි පියවර ගන්නා බව ඔහු සදහන් කලේය.
පැයකට අධික කාලයක් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි ගන්න පුරුදු වුණු කෙනා හැම දේම නිකම්ම බලාපොරොත්තු වෙනවා. නිදහස් අධ්‍යාපනය ලබන වර්ථමාන පරපුරත් එහෙමයි. රටෙන්. තමන්ට මිසක්. තමන්ගෙන් රටට ගැන කතාවක් නෑ. සංගම් පිහිටුවාගෙන බලහත්කාරකම් කරනවා. එච්චරයි දන්නේ...!
විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර හිඟය මේ රටේ අනාදිමත් කාලයක සිට පවතින තත්වයක්. මෙයට ඇති ප්‍රධාන හේතුවක් නම් රටේ පවතින මූල්‍ය හිඟයයි. ප්‍රායෝගික පාඨමාලා නොමැති සිසුන්ට පරිගණක ආධාරයෙන් ඔවුන්ගේ නිවෙස්වල සිට අධ්‍යයන කටයුතු කර ගැනීමට සැලැස්වීම මීට ඇති එක් විකල්ප විසඳුමක්. විභාග සඳහා පමණක් ඔවුන් විශ්ව විද්‍යාල වලට කැඳවිය හැකිය.
නිදහස් අධ්‍යාපනයේ අතුරු ප්‍රතිඵල... අනේ මෙහෙමත් අවාසනාවන්ත ළමයි.