IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමු සිසුන් 10 අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සබරගමු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසක් සහ විනයාරක්ෂක ආචාර්යවරුන් දෙදෙනකු විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව තුළ අයුතු ලෙස සිරකර තබා ගත්තේ යැයි කියන එම විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙක් සමනල වැව පොලිසිය විසින් පෙරේදා පස්වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම සිද්ධිය සිදුවී තිබුණේ පසුගිය ජනවාරි මාසයේ දීය විශ්වවිද්‍යාල බලධාරීන්  මේ සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම විශ්ව විද්‍යාල සිසුන් දස දෙනා සැ‍ෙපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුහු දසදෙනා දොඩන්දූව ගම්පොල කැබිතිගොල්ලෑව උඩුගම්පල සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 සහ 24 යන වයස්වල පසුවන අය වෙති. මෙම සැකකාර සිසුන් දස දෙනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සමනල වැව පොලිසිය කටයුතු යොදා ගෙන යයි.

 



අදහස් (1)

සබරගමු සිසුන් 10 අත්අඩංගුවට

අබරන් Tuesday, 07 March 2023 08:47 AM

අඩු කුලේ හිඟන්නෝ පිනට ඉගෙනගන්න ඇවිල්ලා අන්තිමේදී හැම දේටම අයිතිවාසිකම් කියනවා.

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site