
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සබරගමු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසක් සහ විනයාරක්ෂක ආචාර්යවරුන් දෙදෙනකු විශ්ව විද්‍යාලයේ ආපන ශාලාව තුළ අයුතු ලෙස සිරකර තබා ගත්තේ යැයි කියන එම විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙක් සමනල වැව පොලිසිය විසින් පෙරේදා පස්වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සිද්ධිය සිදුවී තිබුණේ පසුගිය ජනවාරි මාසයේ දීය විශ්වවිද්‍යාල බලධාරීන් මේ සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම විශ්ව විද්‍යාල සිසුන් දස දෙනා සැෙපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුහු දසදෙනා දොඩන්දූව ගම්පොල කැබිතිගොල්ලෑව උඩුගම්පල සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23 සහ 24 යන වයස්වල පසුවන අය වෙති. මෙම සැකකාර සිසුන් දස දෙනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට සමනල වැව පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු කුලේ හිඟන්නෝ පිනට ඉගෙනගන්න ඇවිල්ලා අන්තිමේදී හැම දේටම අයිතිවාසිකම් කියනවා.