
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.ජී) වන ”සොබාදනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අති නවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලූතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350 ක ධාරිතාවයකින් යුත් මෙම ස්වභාවික ද්‍රව වායු බලාගාරය මෙරට පවතින විදුලි අර්බුදයට දැවැන්ත විසඳුමක් වන අතර රටේ විදුලි කර්මාන්තය ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් යැයිද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ජර්මනියේ සුප‍්‍රසිද්ධ සිමන්ස් සමාගම නිෂ්පාදනය කළ මෙම ගෑස් ටර්බයිනය අතිනවීන තාක්ෂණයෙන් යුත් එකකැයිද විදුලිබල මණ්ඩලය පවසයි.
අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම අතිශය අභියෝගාත්මක වී ඇති අවස්ථාවක මෙගා වොට් 350 ක ධාරිතාවයෙන් යුතු සොබා දනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු බාධක සහ අභියෝග මධ්‍යයේ සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
දැනට, ශ‍්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින එකම එල්.එන්.ජී බලාගාරය ”සොබ දනවි විදුලි බලාගාරය” වන අතර වසර කිහිපයකට පසු රට තුළ ඉදිකිරීම් ආරම්භ කළ එකම මහා පරිමාණ බලාගාරයද වේ.
පළමු අදියර යටතේ මෙගාවොට් 220 ක් ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට නියමිත අතර දෙවන අදියර යටතේ තවත් මෙගා වොට් 130 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 220 ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියේ මෙහෙයුම් සහ නඩත්තු කොන්ත‍්‍රාත්කරු ලක්දනවි සමාගම වන අතර සොබදනවි සමාගම ව්‍යාපෘතිය භාරව කටයුතු කරයි.
ලක්දනවි සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට කොටස් අයිතිය හිමි එල්.ටී.එල් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමකි.
එල්.ටී.එල් සමූහ ව්‍යාපාරය 1996 වසරේ සිට බංගලාදේශය, මාලදිවයින, නේපාලය වැනි රටවල විශාල පරිමාණයේ විදුලි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන ශ‍්‍රී ලාංකීය සමාගමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයි නෑ හොඳ ගාණක් කපාගෙන ඇති ඇමතියයි නිලධාරි රොත්තයි...
ඔන්න දැන්මම වැඩ පටන් ගනියි. එල්.එන්.ජී. සැපයීමේ කොමිස් කාක්කන් ටික.. අන්තිමට පොදුජනයාට සහ විදුලිබල මණ්ඩලයට වෙන්නේ කොමිස් කාක්කන් නඩත්තු කරන එක...
මේකට අපි නම් කියන්නේ ‘‘රෙද්ද‘‘ කියලා..!
කව්රු කෙරුවත් මේවා හොඳ වැඩ. හොඳ දේට හොඳයි කියන්න අපි නිහතමානී වෙමු.
සූර්ය ශක්තිය හා සුළං බලයෙන් විදුලිය නිපදවීම කරන්න පුළුවන් රටට ලංකාවෙ නැති ගල් අගුරු හා ගෑස් වලින් විදුලිය නිපදවීම කරන්නෙ මොකද කියලා තේරුම් ගන්න පුළුවන් පාලකයො රටේ නැද්ද .
ඉල්ලුමට සැපයුම ලබාදීමයි විදුලි බල මණ්ඩලය කරන මෝඩ වැඩේ පුද්ගලික අංශයට ඕනම ක්‍රමයකට නිපදවන විදුලිය ඕනෑම ගාණකට පුද්ගලික අංශයට ලබාගන්න ඉඩදෙන්න... එතකොට ගිවිසුම් ඇතිවෙන්නේ ගැණුම්කරු සහ විකුණුම්කරු අතර CEB එක transmission එක කරලා දීලා සේවා ගාස්තුවක් අයකරගන්න.