(යොහාන් භාසුර)

සාමාන්‍ය පෙළ විභාගයෙන් (2020) විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (23) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

මෙම අවස්ථාවට විශිෂ්ට සාමාර්ථ නවය බැගින් ලබා දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස්දෙනා සහ ඉතිහාසයේ පළමු වරට විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගත් දෘශ්‍ය ආබාධ සහිත දරුවෝ දෙදෙනෙක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එම දරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් සුබ පැතීය.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සයුරන්ගි තරුෂිකා, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා, හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයේ ඕෂධී සන්දීපා, රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ශ්‍රීමාතුරෙයි සින්තනාචෙල්වන් සහ කඳාන ද මැසිනොද් විදුහලේ නිපුන් දිනුක අධිකාරි, දෘශ්‍ය සහ කායික ආබාධ සහිත රත්මලාන අන්ධ විද්‍යාලයේ බ්‍රයන් කිංග්ස්ටන් සහ මඩකළපුව ශිවනන්ද විද්‍යාලයේ පාලක්‍රිෂ්ණන් පිරසෝපන් එම අවස්ථාවට සහභාගි වූහ

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ අග්‍රාමාත්‍ය  පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.