IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු

(යොහාන් භාසුර)

උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවයින පුරා  පිහිටි සුපිරි වෙළදසැල් 23 ක් වටලා නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එම  සුපිරි වෙළදසැල් අතරින්  වෙළදසැල් 16 ක  කල් ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් සෙසු වෙළදසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි   මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම  සහ භාණ්ඩවල සදහන්කල යුතු තොරතුරු නොමැතිව විකිණීම යන  වැරදි අනාවරණය වූ බවත් එම අධිකාරිය කීය.

පසුගිය වසරේ කළ  විමර්ශනවලදී  ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළදසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම නිසා එම ආයතනවලට රුපියල් ලක්ෂ 65 කට අධික දඩ මුදල් අධිකරණය නියම කළ බව කී එම අධිකාරිය වෙලදපොලේ කරන වැටලීම්වලදී සුපිරි වෙළදසැල්වලද වැටලීම් සහ විමර්ශන අඛණ්ඩවම සිදුකරන අතර ඉහත වැටලීම්වලදී අනාවරණය වූ සුපිරි වෙළදසැල් අතරින්  16 ක් පමණ ප්‍රසිද්ධ සුපිරි වෙළදසැල් ජාලවලට අයිති බවද සඳහන් කළේය.

සුපිරි වෙළදසැල් ද ඇතුළුව වෙළදපොලෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල්ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස  පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඉල්ලා සිටින බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු

Nandalal de Silva - France Thursday, 03 April 2025 12:19 AM

"Super Market" කියා බෝඩ් ලෑලි එල්ලාගෙන හිටියාට, ඒවාත් විවිධාකාර අන්දමින් පාරිභෝගික ජනතාව ගසා කන හොර ගුහා බව නොරහසකි !! ගම් පලාතේ, කුඩා සිල්ලර කඩයක් කරන මාටින් මාමා ගෙ මෙහෙම වැරැද්දකටත්, කළුකඩ සුපර් මාර්කට් හිමියන්ට ගසන දඩ මුදලත් අතර විශාල පරතරයක් තිබෙන බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි : සුපර් මාර්කට් හිමියන් විශාල දඩ මුදලක් වුවත්, එය දින කිහිපයකින් යලි හම්බකරගෙන ලාච්චුවේ තැන්පත් කලත්, ගමෙ අසරණ සිල්ලර කඩ හිමියා දඩය ගෙන්වාගැනීමට නොහැකිව සියදිවි නසා ගන්නා අවස්ථාද වාර්තාවේ ! !

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site