
(යොහාන් භාසුර)
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් සැපයුම්කරුවන් ඇතැම් භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.
සැපයුම්කරුවන් මිල ඉහළ දැමූ භාණ්ඩ පැවැති මිලට වඩා ඉහළ මිලකට අළෙවි කිරීමට සිදුවන බවත් ඒ හේතුවෙන් ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉහළ යා හැකි බවත් සභාපතිවරයා පැවසීය.
භාණ්ඩ මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වීම නිසා සැපයුම්කරුවන් මාස තුනක කාලයකට ගිවිසුම්ගත වීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ හේතුවෙන් මේ මස 15 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා මාස දෙකක නව ගිවිසුමකට එළඹි බවත් සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේකටම හමුදාවේ කට්ටිය දාගෙන කරන්න ගිය වැඩේ ගැස්සෙන හැඩයි....
මෙයාගේත් මල්ල කරේ. ගම්බට්ටන්ගේ ලොක්කා වෙලා හිටපු කාලේ ගම්වල ගොවියන්ගේ වී, කුරක්කන්, ඉරිඟු ආදිය අල්ලස් විදිහට ගත්තා. ගම්බට්ටෝ දමලා පොඩි හෝටලයකුත් හැදුවා. මේවා බොරුද?
සංචරණ සීමා කාලයේ සතොසේ තිබූ සියලු කුණු කන්දල් විකිණී අවසන් වුණා. ඒ නිසා කෝවිඩ් කාලේ නම්, සතොසට කල්ල මරේ. තෙල් මිල වැඩිවෙනවාත් සමගම ආයෙත් මිල වැඩිකරලා ඉතිරි සුද්දයත් දෙයි වගේ. අනේ අම්මපා අපේ බන්දුල ඇමැතිතුමාගේ මොලේත්, ගම්මන්පිල ඇමැතිතුමාගේ මොළේ වගේමයි. අපිට කණගාටු මේ හොඳ ගෞරවයකින් සිටි හමුදා ප්‍රධානීන්ගේ ජීවිත මේ නිසා කිලිටි වෙන එකටයි.
බැරි නම් සර්ට කියන්න.. සර් සියල්ල දත්...
ඕක කියන්න සභාපති කෙනෙක් අවශ්‍යයිද?