
(බිමල් ශ්‍යාමන් ජයසිංහ පානදුර සුමිත් ප්‍රේමතිලක )
මිල්ලනිය පරගස්තොට ටයර් නිෂ්පාදන ආයතනයක් තුළදී නිෂ්පාදන භාණ්ඩ, යන්ත්‍රයක් තුළට ගෙනයාම සඳහා භාවිතා කරන විදුලි සෝපානයට හිස සිරවීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි නිලූක තනූජ ද සිල්වා 30 එක් දරු පියෙකි
මියගිය පුද්ගලයා තවත් සේවකයන් 09 දෙනෙකු සමඟ ටයර් නිෂ්පාදන යන්ත්‍රයේ සේවය කරමින් සිටියදී මෙම හදිසි අනතුර වී ඇතැයි පොලිසිය කියයි
හිසට බරපතළ තුවාල සහිතව හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය
මළ සිරුර හොරණ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පි.සි.ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය
මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd