(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සපුගස්කන්ද   තෙල් පිරිපහදුව  අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

බොරතෙල්  නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.