(නිමන්ති රණසිංහ)
ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ජපානයේ සිට ගෙන්වා දෙන බව පවසා රුපියල් ලක්ෂ 80ක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පියතුමෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 09 නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මීගමුවේ පදිංචි වර්ණකුලසූරිය ලෙස්ලි ප්‍රනාන්දු පියතුමා ය.
සැකකාර පියතුමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මෙම මුදල් ශ්‍යාමලී සමරනායක කැමැත්තකින් වෙත ලබා දී ඇති බවත් ඇය කෝටි ගණනින් මුදල් වංචා කළ එවැනි වැරදි ගණනාවකට ඇප මත සිටින්නයක් බවත් ය.
අදාල කාන්තාව වෙත මුදල් දුන් බවට ලේඛණයක් ඉදිරිපත් කළ හැකිදැයි මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටි අතර එවැන්නක් ඉදිරිපත් කිරීමට සැකකාර පාර්ශවය අපොහොසත් වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණය නියෝග කළේය .
මෙම කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි දින අධිකරණයට දන්වන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන ඒකකයට ද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාව පියතුමාට සල්ලි දීලද පියතුමා කාන්තාවට සල්ලි දීලඩ????
හොරකමට ආගම් බේදයක් පාට පක්ෂ, බේදයක් තරාතිරම් බේදයක් නෑ, ඒ මාටියාලන්තයේ හැටි.
ආගම් වලට නිගාදෙන පූජ්‍ය පක්ෂය හැම ආගමකම ඉන්නව .
ඉන්නෙ සාන්තුවරයො වගෙයි
ආශා තන්හාව අතහැර සිටින අයත් අද කරන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් ජාවාරම් කිරීමය. කොයි ලොව යන්නේ මරණින් පස්සේ කියන්නට සිදුව ඇත.
පෙරේරා හැර, මෙතන අදහස් පලකල අනිත් පල් මෝඩයෝ රැල මේ ලිපිය හරියට කියෙව්වාද? ලිපියම අණ්ඩර දෙමළයක්. දැන් මෙතන වංචාව කර ඇත්තේ පියතුමාද? අනික, ලක්ෂ අසූවකට ප්‍රාඩෝ රථයක් ගන්න ද මුදල් දීලා තියෙන්නේ? වංචාවට අහු උන පුද්ගලයාව පමණද රක්ෂිත බන්දනාගාර ගත කොට තිබෙන්නේ? ඒ පියතුමා ගෙදරක පදිංචිවෙලා ඉන්න කෙනෙක්ද? එහෙම නැතිනම්, ඒ පියතුමා සිටින දේවස්ථානය මොකක්ද? මේ ලිපිය බල්ලන්ව කුලප්පුකර උසිගැන්වීමට පලකල ලිපියක්ද? කරුණාකර ඊට උත්තර බඳින්න.
මිනිසුන් අතර හොඳ සහ නරක අය සිටිති. පූජකවරුන් ද මිනිසුන් වෙති. ඒ අනුව බලන විට ආගම කුමක් වුවත් මිනිස් පුජකයන් අතර වංචා කරුවන් ද ඇත. ඒ නිසා ආගම් අතර වාද විවාද කරගන්න එපා.