
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර දෙවැනි රාජසිංහ මාවතේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණ බව කියන 32 හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු මහනුවර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ අයිස් ග්‍රෑම් 05 ක් සහ ඇයට අයිස් මත්ද්‍රව්‍ය සැපයූ බව කියන අනෙත් පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන එම කාන්තාව ගෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකොට තිබේ.
ඩුබාහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකු මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ජංගම දුරකථන දත්ත ඔස්සේ මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd