(යොහාන් භාසුර)

ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම හෝ ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීම හෝ හෙට (13) දිනයේ සිදු නොවුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (12) පැවසීය.

ඩීසල් ලීටරයක මිල රුපියල් 55 කින් ඉහළ යාම සියයට 45 ක ප්‍රතිශතයක් වීම නිසා බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සියයට 15 බස් ගාස්තු වැඩිවීමක් අනිවාර්යෙන්ම හිමි බවකී විජේරත්න මහතා ගාස්තුව වැඩි කරන තෙක් ධාවනය කළ නොහැකි බව ද සඳහන්.