
(යොහාන් භාසුර)
බස් ගාස්තු ලබන මස (ජූලි) 1 වැනිදා සිට සැළකිය යුතු ප්‍රතිශතයකින් අඩු වන බවත් ගාස්තු අඩු වන ප්‍රතිශතය 1 වැනිදා (සඳුදා) නිලවශයෙන් නිවේදනය කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා අද (28) පැවසීය.
බස් සංගම් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟ වූ බවත් වෙල්ගම මහතා කීය.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ලබන 1 වැනිදා ගාස්තු සංශෝධනයක් වියයුතු බව කී වෙල්ගම මහතා ඒ අනුව මෙම ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ බස් ගාස්තු සියයට 5 කින් අඩු වන බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 28 ක් දක්වා අඩුවනු ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 2 ක කොන්දා ට
ආරංචිය සුබයි... අති විශාල සහනයක්...
වටිනාකමට සුබ ආරංචියක්...
බස් ගැමුණුටයි, අංජනයටයි කන්දේ දෙවියන්ගේම පිහිටයි. මේ අයට ලන්සුවක් තියලා එහෙම ඇතිනේ. මේ අයට හෙන ගහන එක දින නියමයක් නැතිව කල්දාලාලු. ඇත්තෙයි?