
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපතිවරයාගේ මේ ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද උදේ දැනුම් දුන්නේය .
හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම ප්‍රශ්නෙටම මෙයාගේ විසඳුම ඔච්චරයි. දන්නේ හමුදාව කැඳවන්න විතරයි...
ඉස්සරහට මහජනතාවගෙන් කන්න වෙනබව තේරිලා වගේ.
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්" කොහාටද කැඳවන්නේ? මොකටද කැඳවන්නේ? මීට පෙරත් කැඳෙව්‍වා.. මේ කැඳවීම හරිම ප්‍රශ්නකාරි දෙයක් තේරෙන්නේ නැහැ... දන්නා කෙනෙක් කියන්න...
පව්, හොඳටම බයවෙලා වගේ...!
මේක හොඳ දෙයක් නෙවෙයි. මිනිස්සු වියරු වැටිලා පාරට බහින්න ලෑස්තිවෙලා ඉන්න වෙලාවක...
මහජන සාමයද? නැතිනම් රෙජීමය ආරක්ෂා කිරීමටද?
ඒ ගොල්ලෝ ඇවිල්ලා නුගේගොඩ හැංගිලා ඉන්නවා.
මොන විහිළුවක්ද? හැමදාම හමුදාව කැඳවන්නේ? කළිනුත් කීපවරක් කැඳෙව්වා නේද? ඒගොල්ලෝ නොකියා ආපහු ගිහින්ද?
"හමුදා කැඳවීම මැතිඳුනි පසෙක තබා ... ජනතාවගේ දුක දැකගමු දෙනෙත ඔබා ... නොදුටුව ලෙසින් ජනතා ගිනි විලස බබා ... ලෙසින් නොඉඳ පවසනු මැන මැදදි සබා ... "
සර් දන්නේ ඉතින් ඔච්චර තමයි...
දැන් විකාරයෙන් තමයි ඔය දඟලන්නේ...!
රටේ අස්ථාවර භාවයක් පෙනෙනවා නම් හමුදාව සීරුවෙන් ස්ථානගත කිරීම වැදගත්... එහෙත් තමන්ගේ රජය සියලු වැරැදි වැඩ කරමින් ජනතාව හිඟාකන තැනට එනකොට මින් ඇතිවන ප්‍රතිචාරය වැළැක්වීමට නම් මෙය කිසිසේත් සුදුසු දෙයක් නොවන බව තරයේ කියා සිටිමි.
මොනවද ඔය කරන විකාර වැඩ? මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා. මෙහෙ සන්නද්ධ හමුදා කැඳවනවා. එකපාරක් කැඳෙව්වා නේද? කෝ ඒ ගොල්ලන්...? මිනිස්සු බය කරන්න එපා...
මේ පාර කැඳෙව්වාට පස්සේවත් ජීවන වියදම අඩුවෙයිද?
තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි...!
විවිධ කණ්ඩායම් හැම වේලාවේම මිනිස්සුන්ව කුපිත කරවලා මහපාරට ඇදලා දාලා කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියේ පාලනයක් තිබිය යුතුයි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නැත්නම් ඒක ලොකු බාධාවක්...!
හොඳ අදහසක්... ජනතාව කුපිත කරන සමහර අයගේ පාරට බැයීම් නතර් කිරීමට නම්..!.
JVP එකට කලිනුත් වුණේ ඔය වගේ සීන් එකක් තමයි...
ඔහොමම හමුදාවට රට බාර දීලා 225 ගෙදර යවන්න.. සිහි විකාර වුණු වැඩිහිටියන් මහලු නිවාස වලට ගාල් කරලා රට හදන වැඩේ අපේ විරුවන්ට දෙන්න...
අනාගත්තට පස්සේ දැන් බයවෙලා...
කිත්සිරි ඇයි හමුදාවේ ඉන්නේ මේ රටේ මිනිස්සු නෙවෙයිද...?
දියුණු රටවල් දියුණු වුනේ රට වැසියන් හොඳ නිසා. පාලකයින්, පාලිතයින් සහ නිලධාරීන් හොඳ වෙන්න ඕනෑ. උදේ වෙන දේ හවසට අමතක වෙන ජාතියක්... හමුදාව තියෙන්නේ පොල් ගාන්න නෙමෙයි. ඡන්දයෙන් බලය දුන්නේ කාලයට පෙර පාර පුරා මේ දඟලන්නේ කවුද ? 1948 ආසන්නයේ ඉන්දියාවේ නිදහස පතා සිදුවූ දරුණු සටන් නිසා උපතින්ම කාරුණික, බුද්ධිමත් තැනැත්තියක් වූ දෙවන එලිසබෙත් රැජිණ ඉන්දියාවට නිදහස දීමට අණ කළා. ඒ සමගම ඇය විශේෂයෙන් ප්‍රියකළ රටක් වූ සිංහල බෞද්ධ රාජධානිය නියම උරුමක්කරු සොයා බාරදීමටත් අණකළා. එය ඉවවැටුණු කොළඹ අවට සිටි කෛරාටික අවස්ථාවාදී 1800ටත් පෙර සිට සුද්දන්ට කත් ඇද්ද සිංහල, දෙමළ සහ මුස්ලිම් කළු සුද්දන් පිරිසක් රැජිණ හමුවීමට නැවෙන් ගොස් ඇය රවටා අධිරාජ්‍යයන් තුනකට ට්‍රිලියන දහස් ගණන් මුදල් පොම්ප කරපු කිසිවෙකුට ණය නැති ආදායම් ගලා එන රටක් තම සාක්කුවට දා ගත්තා. එදා සිට බොරුවෙන් හොරකමෙන් කුමන්ත්‍රණයෙන් සහ අපරාධයෙන් රට, ජාතිය, ආගම විකුණන් කෑම ආරම්භ වුණා...
මුලින් කැඳවපු අවස්ථාවල්වල ආවේ නැද්ද? ආයෙත් කැඳවන්නේ මේක හමුදා ප්‍රශ්නයක් නෙවෙයි... මේකට කැඳවන්න ආර්ථික විශෞෂඥයින් සහ විදේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති උගතුන් කැඳවන්න ඕනෑ කෙනාවත් කොහොමද ප්‍රශ්න විසඳන්නේ. ජනතාව නම් වැහි නැති හෙණ කැඳවනවා.
හමුදාවේ සේවය කරන හමුදා නිලධාරින්ට මේ දුක පේන්නේ නැද්ද? මේ අය අන්ධද, බීරිද? පවුලක් නැද්ද? ඇයි මේ වගේ නියෝග දෙන අයවලුන්ගේ නියෝගයන් පිළිපදින්නේ? මේ රජය පට්ට ෆේල් වෙච්ච රජයක්. රට ගැන බලනකොට හරි දුකයි.
හේතුවක් නැතුව සල්ලි නාස්ති කරන එක බොරු වැඩක්... අනික අපේ හමුදාව තව ශක්තිමත් කරන්න ඕනෑ.. නැත්තන් ලෝකය ඉදිරියේ නිකන්ම නිකන් ඉත්තෙක් වෙනවා විතරයි...