(යොහාන් භාසුර)
සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා සාමාන්‍ය පෙළ විභාග (2020) ප්‍රතිඵල නිකුත් කිරීමට රජය කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
සෞන්දර්ය විෂයයන්වලට දරුවන් 169000 පමණ පෙනී සිටි බව කී ස්ටාලින් මහතා එම විෂයන්වල ප්‍රතිඵල නොමැතිව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම දරුවන්ට කරන දැඩි අසාධාරණයක් බවත් සඳහන් කළේය.
රජය එවැනි තීරණයකට එළඹුන හොත් දෙමව්පියන් සමග එකතුව හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ස්ටාලින් මහතා අවධාරණය කළේය.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූයේ ගුරුවරුන්ගේ වර්ජනය නිසාම පමණක් නොවන බවත් කොරෝනා හේතුවෙන් පාසල් තවමත් වසා තැබීම ඊට ප්‍රධාන හේතුව බවට පත්වූ බවත් ස්ටාලින් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞන්දර්ය විෂයයන් වලින් උසස්පෙළ කරන සිසුවන්ට විතරයි එම විෂයවල ප්‍රතිඵල වැදගත් වෙන්නේ... 99% කට එය වැදගත් නැහැ..
ලංකාවෙ අධ්‍යාපනය විනාශ කරපු කෙනා. ඉක්මනින් පාසල් පටන් ගන්න. ගුරුවරු උගන්නන්න බලන් ඉන්නෙ
රූපකාය වෙනස් වෙන ලෙසම දීමට මහජනතාව පෙළ ගැසීම් වඩාත් සුදුසු බව සදහන් කරන්නෙමු.
වඩා වැදගත්වන්නේ ලබා ගත්ත දැනුම, කුසලතා හා ආකල්ප මිසක් විභාග හෝ ප්‍රථිඵල නෙමේ. සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත දරුවන්ට ඔය ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගි වුනා කියලා හෝ එහි ප්‍රථිඵල ලැබුණා කියලා ජීවිතයට ලැබෙන්නේ අල්ප අත්දැකීමක් පමණයි. දියුණු අධ්යාපනක්රම වල ඇගයීම් කරන්නේ අවසානයේදී නෙමෙයි. අවසාන අගයීම මගින් ක්රමික අධ්‍යාපන සංවර්ධනයට අවස්ථාවක් නැහැ. දරුවන්ගේ කාලය නහස්ති නොවන ලෙස වහාම සාමාන්‍ය පෙළ ප්‍රථිඵල ලබා දීලා ඒ දරුවන්ට උසස්පෙළ හදාරන්න අවස්ථාව දීම ඒ දරුවන්ට කරන උපරිම සේවය වෙනවා. දරුවන් හා දෙමවුපියන් මුලාකරමින් ස්ටාලින් මහත්තයා කරන නඩගමට රැවටෙන්නේ නැතිව සිටිය යුතුයි. ගුරුවරුන්ට අධ්‍යාපනඥයෝ ඒවායේ පරමාර්ථ පැහැදිලිව වටහලා දෙනවානම් ස්ටලින් වැන්නන්ට මනස්ගාත කියවන්න හම්බෙන්නේ නැහැ.
මේ අයට ඕනේ රට වහන්න, ස්ට්‍රයික් කරන්න, අධ්‍යාපනය විනාශ කරන්න. මේකට කත් අදින අයට කියන්න තියෙන්නේ මේ පාර නම් හෙන ඉල්ලන එක සාධාරණයි. රටේ ලෝකේ මේ තරම් ප්‍රශ්න තියෙද්දී දරුවන්ගේ අධ්‍යාපනයට කරන විනාශේ.
මොහු නම් මහා පිළිලයක්
දෙමාපියන් ඔබත් එක්ක එකතු වෙයි කියලනම් හිතන්න අමාරුයි. ඔබ ඒතරම්ම ඔවුනට අප්පිරියයි
අද රට පාලනය කරන්නේ ස්ටාලින් වගේ අපිට දැනෙන්නේ
ගුරුවරුන්ට උගන්වන්න පුළුවන් වෙන්නේ පාසල් ඇරලාද? ඔන්ලයින් උගන්වන්න දීපු පහසුකම් මොනවද? අපි කන හැටි ලිපා දනී. හොරු සමග රට යන එක හොඳයි... අවුරුදු 70ක් ගියා ඉතින්..!!!
මෙයාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මෙයාලාට ඕනෑ කරන විදිහට නටන්න ඉඩ නොදිය යුතුයි.
අපි වෙලාවට රජයේ පාසලට ළමයි දැම්මේ නැත්තේ... අපේ පාසලේ නියම විදියට ඔන්ලයින් පන්ති පැවැත්වීම සිදුවෙනවා. විභාග වුණත් නියම කාලයට පැවැත්වෙනවා. මෙයාලා කරන වැඩේ අතිශයින්ම වැරදියි. වසංගතයක් තියෙන වෙලාවක රටක්, දරුවන්, දෙමාපියන් පීඩනයට පත් කිරීම සුදුසු නෑ. ඇත්තෙන්ම මේ වර්ජනය පටන් ගත්තේ වෙන දෙයකට නමුත් දැන් වැටුප් මුල් කරගෙන අරගල කරාට... තනිකරම දේශපාලනමය කාර්යයක් තමයි මෙතන ඇත්තේ. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවිය යුතුයි. එතකොට තමයි දක්ෂ උපාධිධාරීන් ගුරුවරුන් ලෙස සම්බන්ධ වීම තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ ලොකු වර්ධනයක් දිගුකාලීනව බලාපොරොත්තු විය හැක්කේ. නමුත් මෙම වසංගතයක් පවතින අවස්ථාවක් වර්ජනට සුදුසු නෑ. මේකෙන් හානියක් වෙන්නේ දුප්පත් ළමයින්ට විතරයි. මොකද මේ ගුරුවරුම පුද්ගලික පංති පවත්වනවනේ... මේ අවස්ථාවේ සියලු දෙමාපියන් එකතුවෙලා වර්ජනයට එරෙහි වීමට ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ගුරුවරුන්ට ගෙවන වැටුප් නැවැත්වීමට රජය ක්‍රියාමාර්ග ගතයුතු බව මගේ හැඟීමයි.
පෞද්ගලික පාසල් ගැනත් ඔයවගේ කෑගහන්නකො
ගුරුවරුන් ගෙන් 50 ගුරුහොරු. අවුරුදු 2ක් විතර නිකන් ඉදලා ,මහජන මුදලෙන් පවුල් පිටින් ජීවත් වෙලා, ළමයි අසරණ වෙලාවෙ මාලු බානවා
නිත්‍යානුකූලව පාසැල් පටන් ගත්තට පස්සෙත් මේ තත්වය පවතින්නේ නම්, ආයතන සංග්‍රහයට අනුව සෘජු තීරණ ගනු ඇතැයි අපේක්ෂා කරමු. ආණ්ඩුවට සෘජු තීරණ ගන්න පුළුවන් වෙන්න දීපු අපේ 2/3 ඡන්දෙත් අපරාදේ.
මෙය ව්‍යසනයකි! මෙම කණ්ඩායම දේශපාලන පක්ෂයකට අයත් න්‍යාය පත්‍රයක් සඳහා වැඩ කරමින් සිටී! මොවුන්ව කරුණාකර එක්සත් රාජධානිය, ඉන්දියාව, කැනඩාව, ජපානය වැනි රටවලට යවන්න කාර්යභාරය සහ වගකීම් ඉටු කරන ආකාරය පිලිබඳ දැනගන්න. බොහෝ ගුරුවරුන් යාවත්කාලීන කර නැත! මෙම අවස්ථාවේදී වර්ජනය සාධාරණ නැත!
මේ වෙලාවේ වර්ජන හොඳ නැත. මේ වෙලාවේ පඩි දීමට සල්ලි නැත. මේ වෙලාවේ ඇවිදින මංතීරු හැදීම හොඳ නැත. මේ වෙලාවේ හිරකාරයන් නිදහස් කර ලොකු තනතුරු දීමත් හොඳ නැත, අනේ කාලේ වනේ වාසේ