
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර සේරුනුවර ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ දිවා ආහාරයට මුසු කර කෑමට සහ පානය කිරීමට දුන් බව කියන සිසුන් හය දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි.
මෙවැනි දෙයක් කළ සිසුන් හයදෙනාගේ අනාගතය ගැන සිතා රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් මෙවැනි තීරණයක් ගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
රෝගාතුරව ත්‍රිකුණාමලය රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබන සිසුවා ද තමා සමග එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරු සිසුන් හය දෙනාට සමාව දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කියති.
සුනඛයන්ට ලබාදෙන ඖෂධ වර්ගයක් ශරීරගත කිරීමට සැලැස්වූ බව කියන සිසුන් හය දෙනා පොලීසියට කැඳවා අවවාද කිරීම පමණක් සෑහෙන බව රෝගාතුරව සිටින සිසුවා ගේ මවුපියන් වැඩිදුරටත් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට තිබේ.
රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන්බුද්ධිමත් තීරණයක් ගෙන එම සිසුන් හය දෙනාට සමාව දීමට ගත් තීරණය පොලීසියේද ප්‍රශංසාවට ලක්වී ඇති බව වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් සමාව දුන්නට ඒ නොසන්ඩාල සෙට් එක වෙන පන්තියකට දාන්න. එකට තියන්න එපා.
ඉතාම හොඳ තිරනයක්. එ ලමයින් විහිලුවට කරාට මෙහෙම රෝගාතුර වෙවි කියල හිතත්නැතිව අති.
මේ ලමයින්ගේ දෙමාපියන් සුනඛ ජාන ඇති අයද? සිංහල ජාතියට සිංහ ජාන තියෙන බව කියනව වගේ. තිරිසනුන් වගේ හැසිරෙන ලමයින්ට රටක් ගොඩනැගීම කල හැකිද?
පව් අනේ. එයාලා ගෙදරදී බොන බේත් තමයි යාලුවට දීල තියෙන්නෙ.
යාලු වේසෙන් ඉන්න අමනයෝ, කලින්ම හඳුනා ගන්න ලැබීම සතුටක් පුතා. නැත්තන් ඕකුන් උඹ හොඳ තැනකට යනව ඉවසන්න බැරුව ඉරිසියාවෙ උඹේ ජීවිතේට හානියක් කරන්න තිබුනා. පුලුවන් නම් උඹ වෙන ඉස්කෝලෙකට පලයන් පුතේ.
නහී වේරේන වේරානී..... උතුම් දෙමාපියන්ගේ උතුම් දරුවෙක්. පන්තියේ ඉන්න අහිංසකයෙක් වෙන්න ඇති. ඒකයි සුනඛ සෙට් එකක් ගොන් ජෝක් කරල තියෙන්නෙ. පාසල් වල මේ වගේ අමන වැඩ කරන උන් කලින්ම හඳුන ගන්න ක්‍රමයක් හදලා උන් ඉගෙන ගන්න උන්ගෙන් වෙන් කරන්න ඕන. නැත්තන් ඉගෙන ගන්න එකෙක්ට නිදහසේ ඉගෙන ගන්න නෑ.
ඔය වගේ කාලකන්නි තමයි ලොකු වෙලා ජෙප්පො වෙන්නෙ. පොඩි කාලෙම අඳුනගෙන නිසි මානසික බෙහෙත් දෙන්න ඕන. එහෙම නොවුනම ඕකුන් කැම්පස් එකේ අහිංසකයොන්ට දස වධ දීලා, රටේ මිනිස්සුන්ටත් කරුමයක් වෙනව.
අර පාර්ලිමේන්තුවේ ඉන්න වැඩකට නැති එවුන්ටත් ඔය බෙහෙත් කෑමට බීමට කලවම් කරලා දුන්නොත් රටට හොඳයි
සුනඛ බේත් ශරිර ගත වූ දරුවාගේ සමාව දීමට මව්පියන් ගත් තීරණය හරි කියල දාපු හරක් රැලට මේක පෙන්නන්න ඕන. වැරැද්දටදඬුවමක් දෙන්න පුරැදු වෙයල්ලා අපේ රටට කෙලවෙලා තියෙන්නෙම ඕක නිසා තමයි වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. ගැටුම අතර තුරදී කන් දෙක සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයිද පොලීසිය කියයි. ගැටුමෙන් පොලිස් නිළධාරීන් 05 දෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිවිල් වැසියන් දෙදෙනා සහ පොලිස් නිළධාරීන් සිවු දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.
රටට අපරාධ කාරයින් බෝ කිරීමේ පළමු උත්සාහය....
ඒක අහිංසක විහිළුවක් නොවේ. දරුණු මානසිකත්වයක් ඇති අයට පමණක් කළහැකි කලින් සැලසුම් කළ අපරාධයක්.... දරුවා සමාව දුන්නත් පොලිසියේ වගකීම තමයි නීතිය හමුවට පමුණුවා යුක්තිය විසඳලීම. උසාවියෙන් අවවාද කර නිදහස් කිරීම වෙනම දෙයකි...