(ආරියරත්න රණබාහු)
සාධාරණ, ප්‍රායෝගික, ජනතාවට සෙත සැලසෙන රට ඉදිරියට ගෙන යෑමට හැකි ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා දෙනවා කියන සහන මලූ ඡන්ද දායකයින් රැවටීමට කරන මිත්‍යාවක් බව තේරුම් ගත යුතුව ඇතැයි කී සේනානායක මහතා ඔවුන් ඒවා දෙනවා නම් දෙන්නේ ගෙදරින් හෝ අම්මා තාත්තාගෙන් නොව ජනතාවගේ බදු මුදල්වලින් යැයි ද කීය.
ඒ මහතා ඒ බව පැවැසුවේ කොළඹ 8 ෆෙයාර් ෆීල්ඞ් මාවතේ පිහිටි ජාතික ජනතා පක්ෂ මූලස්ථානයේ අද(28) පැවැති මාධ්‍ය හමුවේදීය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසුරෙන් සංවාදයක් ලෙස පැවැති එම හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය - ඔබ අපේක්ෂකත්වයෙන් ඉවත්වී වෙනත් පක්ෂයක අපේක්ෂකයකුට සහායදීමට තීරණයක් හෝ සාකච්ඡාවක් කර තිබෙනවාද?
පිළිතුර- කෙටිම පැහැදිලි පිළිතුර එහෙම කිසිම සාකච්ඡාවක් තීරණයක් කර නැහැ. මෙම සිවිල් ව්‍යාපාරයට එකතුවූයේ ඉදිරි ගමනක් යෑමට මිස අතරමගදී අතහරින්න නෙවෙයි. ඉඳුරාම එහෙම සංසිද්ධියක් නැහැ.
ප්රශ්නය - ඔබගේ මැතිවරණ ව්‍යාපාරය සහ ප්රචාරක කටයුතු තිබෙන්නේ කවර වූ තැනකද?
පිළිතුර - අපි රැස්වීම් රැලි කියන තැන නෙවෙයි ඉන්නේ. අපි කරන්නේ කතිකා හා සංවාදයි. ඒ සංස්කෘතිය තමයි මේ රටට අප හඳුන්වා දිය යුත්තේ. අපේ ඡන්ද දායකයින් නිශ්ශබ්ද සහ ලැජ්ජා අයයි. ඒ බොහෝ දෙනෙක් වේදිකාවලට නගින්න රැස්වීම්වලට එන්න ටී ෂර්ට් ඇඳගෙන තොප්පි දාගෙන පාරේ කෑගහන්න නටන අය නොවෙයි. ඒ සංස්කෘතියෙන් බැහැරව කටයුතු කරන අයයි. යම් යම් කණ්ඩායම්, ස්වාධීන අය, පක්ෂවල හිටපු අය මා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
ප්රශ්නය - අලූත් තරුණ ඡන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවද?
පිළිතුර - එහෙම ඡන්ද දායකයින් ලක්ෂ 10ක් විතර ඉන්නවා. ඔවුන් මේ තියෙන ක්‍රමවේදය පිළිබඳ බොහොම අකමැත්තෙන් අපි‍්‍රය කරන අයයි. ඔවුන්ගේ ආකර්ෂණය අප වෙත තිබෙනවා. එය විශාල ප්‍රවණතාවයක්.
ප්රශ්නය - මාධ්‍ය ආයතනවල සහාය කොහොමද?
පිළිතුර - බොහෝ මාධ්‍ය ආයතනවලට මගේ ගෞරවය හිමිවෙනවා. නමුත් සමහර මාධ්‍ය ආයතන ඒ අපේක්ෂකයින් ගිලගෙන නැත්නම් අපේක්ෂකයෝ මාධ්‍ය ආයතන ගිලගෙන බවයි පෙනෙන්න තිබෙන්නේ. ඒ ගැන කනගාටුවක් තියෙනවා. ඒ සංස්කෘතියත් වෙනස් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය - ඔබගේ ප්‍රතිපත්ති ප්රකාශනය ගැන සඳහන් කළොත්?
පිළිතුර - එම කඩිමුඩියේ කළ දෙයක් නොවෙයි. මේ ව්‍යපාරය විසින් වසර කිහිපයක සිට හැදූ එකක්. රටේ ජනතාවගේ අදහස් උදහස් ඒ සඳහා ගෙන තිබෙනවා.
ප්රශ්නය - ප්‍රධාන අපේක්ෂකයින් දෙනවා කියන සහන මල්ල ඔබට දෙන්න පුළුවන්ද?
පිළිතුර - ඒ බොරුව මා කියන්නේ නැහැ. ඒක ඡන්දේ කාලෙට විතරක් ඡුන්ද දායකයින් රැවටීමට කරන දෙයක්. අපි සාධාරණ ප්‍රායෝගික ජනතාවට සෙත සැලසෙන මේ රට ඉදිරියට ගෙන යෑමට පුළුවන් ආර්ථික ක්‍රමවේදයක් ගැන තමයි කතා කරන්නේ. සහනාධාර නිකම් දෙනවා නම් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම දෙන්නේ අපෙන් අරගෙන මිස එයාලා ගෙදරින් හෝ අම්ම තාත්තාගෙන් ගෙනාපුවා නොවෙයි. ඒක මිත්‍යාවක් හැටියට අපි දකිනවා. අපි ගොවි මහතාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙනවා.
ප්රශ්නය - මේ වනවිට ප්‍රධාන පක්ෂ දෙකම ප්රචණ්ඩත්වය ආරම්භ කර තිබෙන බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වය ඔබගේ පක්ෂයට අභියෝගයක් නොවෙයිද?
පිළිතුර - අභියෝගයකට වඩා අප ඒ ගැන කනගාටු වෙනවා. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් ඔවුන්ගේ කණ්ඩායම් මෙහෙයවන ආකාරය ගැන. ප්රචණ්ඩ සහ අපරාධකාරි රැල්ලකට තමයි ඔවුන් මේ එන්නට හදන්නේ. මේක තමයි ඔවුන් දන්න දේශපාලනය. මේක තමයි මේ රටේ තිබුණ ගැටලූව. දැනට නම් අපට ප්රචණ්ඩත්වයක් නැහැ. නමුත් ලබන සති කිහිපය තුළ අපගේ පිබිදීම තුළ එවැන්නක් ඇති නොවෙයි කියලා කියන්න අමාරුයි. අපේක්ෂකයෝ මැතිවරණයෙන් පස්සේ සුහදව එකතුවෙනවා. පාක්ෂිකයෝ ගම්වල ගහ ගන්නවා මරා ගන්නවා ඕක තමයි මේ රටේ මෙතෙක් කාලෙකට වුණේ. දැන්වත් ඡන්ද දායකයෝ බුද්ධිමත්ව කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය - හමුදා නිලධාරියකුට ප්රජාතන්ත්රවාදයට එන්න අමාරුයි කියල කියනවා. ඒ ගැන ඔබේ අදහස?
පිළිතුර - හමුදා නිලධාරින් තරම් ප්රජාතන්ත්රවාදයට ගරු කරන කොට්ඨාසයක් ලංකාවේ නැහැ. අපිට පුරුදු පුහුණු කරල තියෙන්නේ ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ බලයට පැමිණෙන ඕනෑම පක්ෂයකට රාජපක්ෂිකව කටයුතු කිරීමටයි.
මෙහිදී හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, පක්ෂයේ මහලේකම් ගාමිණි නන්ද ගුණවර්ධන, බරපතළ වංචා දූෂණ චෝදනා ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා යන මහත්වරු ද අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ රැස්වීමකට මිනිස්සු 100ක් එකතු කරගන්න බැරි ඔයාද ජනාධිපති වෙලා රට හදන්න යන්නේ. පරදිනවා කියලා හොදටම දැනගෙනත් ඔයා මේ ඉල්ලන්නේ වෙන කාගෙහරි ඡන්දය කඩන්න ඕන නිසා කියලා මුළු රටම දන්නවා. ඔයගොල්ලෝ තමයි මේ රටට ඇත්තටම වින කරන කට්ටිය.
අපි ඉන්නේ අතරමං වෙලා. අපි හොඳටම දන්නවා මහ පක්ෂ දෙකේම ඉන්නේ අපිව සදා කල්ම රවටපු වංචනිකයෝ බව. නමුත් අපිව රවටා බලයට පැමිණ ඔවුන් හැමදාම කලේ තමන්ගේ බඩවඩා ගැනීම බව තේරුම් ගන්න තරම අපේ මිනිස්සු බුද්ධිමත් නැහැ. මම යුද්දේ දිනපු මිනිහ මම ප්රජාතන්ත්රවාදය ඉස්මතු කරපු මිනිහ ආදී වශෙන් ඔවුන් අපට විසි කරමින් යන මිහිරි ලණු ගිලිමින් ඉන්න අපේ මිනිස්සු හරි කැමතියි. ඒ නිසා මෙතෙක් පැවතී, හුරු පුරුදු ගහ මරාගන්නා දේශපාලනයෙන් තොර අලුත් ක්‍රමයක් ගැන හිතන්න අපේ මිනිස්සුන්ට හුරුවක් නැහැ. ඒ නිසාම ඒ ක්රමයේ වහලුන් බවටම පත්වී සිටිනවා විනා නව යහපත් දේශපාලනයක් ගැන හිතන්නවත් අපේ මිනිස්සුන්ට අමාරුයි.
මේ මහත්මය නිර්භයව මැතිවරණයට ඉදිරිපත්වෙන එක මම අගය කරනවා. ලංකාවේ ලොකු පක්ෂවල සුරංගනා කතා අහල බොහෝ දෙනා ඡන්දය ප්‍රකාශ කරන්නෙ.
අපිට ඕන දේශපාලන ප්‍රේක්ෂකයෝයි, බේබදුකමට බඩජහරිකමට රට හොරුන්ට පාවලා දෙන සමාජයක්ද එහෙම නැතිනම් ඇත්තටම රටේ තියෙන බුද්ධියයි සම්පත් ටිකයි ප්‍රයෝජනයට අරගෙන අපේ රට දියුණු කරන පාලනයක් ද කියලා තීරණය කරන්න වෙලාව ඇවිත්.
මේ මහත්තයා 17, 18 වෙනකොට නැවත ඇමරිකාවේ. එයාගේ කොළපාට කොන්ත්‍රාත් එක ඉවරවෙච්චි ගමන් ඒක තමා කරන්න තියෙන්නේ..
මළාට පත්වෙන්නේ නැහැනේ... අපරාදේ නිකන් කාට හරි කඩේ යන සල්ලි අහිංසක දුප්පත් මිනිස්සුන්ට දුන්නා නම් ලොකු පිනක්... එ්ත් මේවට කියන්නේ තමන්ගේ තරම නොදත් මිනිස්සු...
ෆොන්සේක නම් යුද්ධ කාළේවත් හිටියා.තමුන් මොනවද කළේ? එක එකාගේ සල්ලි මලුවලට ගිහින් රෙද්දක් ඇදගෙන පාරේ ගිය හැකිද?ජනතාව ලවා රෙදි ගලවා ගන්න වෙයි.