(සුජිත් හේවාජුලිගේ )
තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තමා දිගටම දේශපාලනයේ රැඳී සිටින බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ සන්ඩේ ටයිම්ස් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
නායකත්වය දීමට තමා අවශ්‍යද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බාර යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා අවශ්‍ය නම් ඉවත් වීමට වුවත් සූදානම් බව ප්‍රකාශ කළේය.
නීතිඥවරයෙකු හෙයින් තමාට උසාවි කටයුතු වලද නියැලිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
රට හැර යද්දි තමා ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රට හැර නොයන ලෙස දැනුම්දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
“යන්නද කියලා එයා මගෙන් ඇහුවා නම් මම කියනවා යන්න එපා කියලා. ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි. රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. මා ඇතුළු පසුගිය රජයන් මේ සියල්ලටම පිළිතුරු දිය යුතුයි.
අවාසනාවකට ඔහු ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මතයි. ඒ නිසා ඔහුට දොස් පවරන්න බැහැ. ඔහු ආරක්‍ෂක ලේකම් වරයා ලෙස කටයුතු කරද්දී මනා පරිපාලන දක්‍ෂතාවක් පෙන්නුම් කළා.
ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා. ඔහු පෙර දැඩි මතධාරියෙක්. පසුව ඔහු මෘදු භාවයට පත් වුණා. ඔහු කළ දේ නොකළ යුතුව තිබුණා. ගෝඨාභය කියන්නේ දේශපාලනඥයකු නොවෙයි. ඔහු ඉදිරියේ ඇති කාර්යය නිවැරදිව අවසන් කළ යුතුව තිබුණා "
ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට සිටින හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඔහුට තමා සියලු සහය සහය ලබා දෙන බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී රටේ ප්‍රශ්නය විසඳීමට සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බවත් සියලු දෙනා රට වෙනුවෙන් එක මතයක සිට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය දේශපාලකයෙක් නෙවෙයි කියලා කියන්නේ.. දැනදැන මොන එහෙකටද ජනාධිපතිවරණයට දැම්මේ..? ඔබතුමා දේශපාලනයෙන් සමුගත්තා කියලා ඔබතුමාට දැනගන්න බැරිවේවි..!
මේ අවස්ථාවේදී රටේ ප්‍රශ්නය විසඳීමට සියලු දේශපාලන පක්ෂ එකතුවිය යුතු බවත්, සියලුදෙනා රට වෙනුවෙන් එක මතයක සිට කටයුතු කළ යුතු බවත් සත්‍යයකි. දේශපාලනයෙන් සමුගෙන පවුලේ නොවන අලුත් අයට අවස්ථාව දෙන්න...
අනේ මෙයා ලැජ්ජා නැතිව කියන කතා... යන්න කාලය දැන් තමයි. තව හිටියොත් ඉතා අන්ත තත්වයකින් තමයි යන්න වෙන්නේ.
මේ අහන්න... මොලේ හොඳටම ' කචල් ' වෙලා. පසුගිය සුමානේ කිව්වා "ගෝඨා පිටරට ගියේ ට්‍රීට්මන්ට් ගන්න" කියලා. හොඳ ට්‍රිට්මන්ට් එකක් දෙන්න මාලදිවයිනේ මිනිස්සු ලැහැස්ති වුණා. අනූනවයෙන් බේරුනේ. ඔන්න දැන් මේ හාදයා කියනවා..." සුදුසු කාලය ආවාම දේශපාලනයෙන් සමුගන්නවා.." කියලා. එදා 9 වෙනිදා අරලියගහ මැදුරෙන් එළියට ආවා නම් කොල්ලන්ගෙන් කනවා කැවිල්ලක්...
දැන් ඇවිදගන්නෙත් අනුන්ගේ උදව්වෙන්.. අත්දෙක වෙව්ලනවා. හිටගෙන ඉන්න බෑ. කතාකරගන්න බෑ. ජනතාව තනතුරෙන් එළවලා දැම්මේ... ගිහින් හිටියේ කෑම්ප් එකක. වලපයයි, ගොඩපයයි තියාගෙන තවත් බලේට කෑදරකම.. මුළු පරපුරම හොරු. ඒත් ඉන්නේ සදාකාලික බල තණ්හාවෙන්. දෙයියන්ගේ නාමෙන් පිනක් දහමක් කරගෙන ඉන්න.
හොරාකෑවා මදිද? සුදුසුකල් එනකන් ඉන්න...
ගෝඨාභය අනුගාමිකයෙක් ලෙසට මිස නායකයෙක් ලෙසට නුසුදුසු බව ගෝඨාභය ගේන්න මුලින්ම තීරණය කළ නායකයින්ට නොතේරීම නිසා ගෝඨාභය හෝටල් අඩස්සියේ තැබීමට හා රට අගාධයට වැටීමට හේතු වුණා. ඒකට පලපුරුද්ද ඇති මහින්ද මහත්තයත් ලොකු අයියා චමලුත් වගකිව යුතුයි..
ඔබතුමා දේශපාලනයෙන් සමුගැනීමේ කාලය ඉකුත්වී බොහෝකල්. යායුතුව තිබුණේ, අරලියගහ මන්දිරයේ සිට සංවිධානය කළ අරගලකරුවන්ට පහරදුන් දිනයේයි...!
හැම දෙයකින්ම සමුගන්න කාලය ඇවිත්. ඔහොම කතා කරන්නේ දැඩි තන්හාව නිසාය. මරණයෙන් මතු යන්න වෙන්නේ අපායට යෑම මිස වෙන කොහේද? මිනිසුන්ට ඔබ සහ ඔබේ පවුලේ උදවිය කර ඇති බරපතල හානිය කියා නිම කළ නොහැකිය. ඒ පාපයම ඇති අපායේ යන්න.
බොහොම හොඳයි අපගේ ආශිර්වාදය. වැදී කොල්ලෝ කෑගැසුවාට අපිට කමක් නැහැ.
අනේ යන්න එපා... ඉතුරු ටිකත් කාලා පිඟාන පොළවේ ගහලාම යන්න. නිසි වෙලාවේ සමුනොදුන්නොත් ඔබට වෙන්නේ අර මල්ලි වගේ සරණාගතයෙක් ලෙස ලෝකය පුරා සැරිසරන්න.
කොල්ලො කුරුට්ටන්ගෙන් ටොකු කනකන් ඉන්නවා.
අනේ දැන් කාලේ ගොඩක් පහුවෙලා. කියන තැනකට වදින්නම් දන් යන්න,,
"රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. මා ඇතුළු පසුගිය රජයන් මේ සියල්ලටම පිළිතුරු දිය යුතුයි" එහෙම කියන ගමන්ම කියනවා දැන්ම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නෙත් නෑ කියලා. පහුගිය පැවති රජයන් මේ සියල්ලටම වග කිව යුතු නම් මේ අර්බුධයෙන් ගෙඩ ඒමට ඇති එකම සුදුසු කෙනා රනිල් වික්‍රමසිංහ වෙන්නේ කොහොමද? ගොඩක් තැන් පරස්පර විරෝධියි.
තවත් රට කන්නද හිතාගෙන ඉන්නේ...? හෙටද, අනිද්දාද දන්නෙත් නැහැ.. යන්න තියෙන්නේ..? පුළුවන් නම් ඔබ වටේ ඉන්න සෙකියුරිටි බට්ටන් නැතිව ටිකක් එළියට බැහැලා බලන්නකෝ...
යම රජ්ජුරුවෝ අයි. එම්. එෆ් ආධාර ඉල්ලලාලු කටු ඉඹුලේ කටු උල් කරන්නයි ,වැඩියෙන් ලෝදිය ඉම්පෝර්ට් කරන්නයි. මොකද දන්නේ නෑ හදිස්සියේම…?
ඔය ගෝඨාභය ගෙනාවේ කවුද ? ඔයා නෙවෙයිද ? එයා වෙනුවට නාමල් පුතා ගේන්න තිබ්බ නේද ?
"රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. මා ඇතුළු පසුගිය රජයන් මේ සියල්ලටම පිළිතුරු දිය යුතුයි." මේකට තමයි කියන්නේ දිව බොරු කියන්නේ නෑ කියලා. කවුරුහරි මෙයාට කියලා දෙන්නකෝ මෙයාගේ දේශපාලනේට සමුදෙන්න දෙයක් නැහැ.. කල්ඉකුත්වෙලා ඉවරයි කියලා. හිතාගෙන ඉන්නේ එළිසබත් රැජිණ වගේ ඔටුන්නක් හදාගෙන ඉන්නද දන්නේ නැහැ. මෙයාට විනාඩි 02ක් හුස්ම අල්ලලා කතාකරගන්න බැහැ. උසාවි යනවලු නඩු කතා කරන්න. අඩුගානේ දණ්ඩ නීති සංග්‍රහය දැකලාවත් තියෙනවද දන්නේ නැහැ. කාවද මේ රවට්ටන්න හදන්නේ?
මයිනා නිවන් සැප ලැබේවා.
මීට වඩා හොඳ කාලයක් තවත් නැහැ. ඔබ විශ්‍රාම ගියොත් රටේ ප්‍රශ්නවලට යම් සහනයක්.. ගියොත් ප්‍රශ්න ගොඩක් ඉවරයි.
"ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට සිටින හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ" පුදුම අවස්ථාවාදීන්. කන්න ඕනෑවුණාම බලුමස්, එළුමස් කරගන්නවා. ඔබ දේශපාලනයෙන් සමුගත උතුව තිබු කාලය බොහෝසෙයින් ඉක්ම ගොස් ඇත. තවත් රටේ අහිංසක මහජනතාව නොරවටා සියල්ලටම සමුදී, හැකි ඉක්මණින් විශ්‍රාම ගන්න.
බලලෝභීන්...!
ඔබ දේශපාලනයෙන් සමුගත යුතුව තිබු කාලය බොහෝසෙයින් ඉක්ම ගොස් ඇත. තවත් රටේ අහිංසක මහජනතාව නොරවටා සියල්ලටම සමුදී, හැකි ඉක්මණින් විශ්‍රාම ගන්න.
දේශපාලනයෙන් සමුගන්න එපා තව වයසක් නැහැ කොල්ලනේ..
මහින්ද රාජපක්ස ජනාධිපති තුමාගේ මතය හරියටම හරි. ඔහු පරිනත නායකයක්. එතුමා ශ්‍රීලංකාවේ මුර දේනතාවන් වගේ… දැන් තියන අර්බුදකාරී තතිවයන් නිසා අප රට ඉස්සරහට ගෙනියන්න නම් මහින්ද රාජපක්ස, රනිල් වික්‍රමසිංහ, දිනේශ් ගුනවර්ධන වගේ දුර දකින ප්‍රවීනයන් සිටිය යුතුය… සජිත්අ, නුරකුමාර, රැට්ටා, පැට්ටා වගේ instant noodles වගේ හදිසි ලෙස ක්‍රියා කරන්නන් නුසුදුසුය
ඇත්තටම අපෙ කරුමෙට පහල උන නයකයෙක් ඇත්තටම රට විනාස කරා මිනිස්සු රවට්ටල කරපු හරියක් කරෙ ගොන් වැඩ