
(ඩී.ජී. සුගතපාල)
ගාල්ල බෝපෙ නිවසක පවත්වා ගෙන ගිය බූරු පිටියක් වටලා මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩාවේ යෙදි සිටි කාන්තාවන් 11ක් සහ පිරිමින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති කාන්තාවන් අතර ගාල්ලේ ප්‍රධාන රජයේ රෝහලක 45 හැවිරිදි හෙදියක් ඇතුලු අවුරුදු 26සිට 54දක්වා වයස්වල පසුවන විවිධ ප්‍රදේශවල පදිංචි විවාහක කාන්තාවන් වන බවත් කියයි.
ඔවුන්ගේ සැමියන් රැකියාවලට ගිය පසු කුලි පදනම මත ත්‍රි රෝද රථවලින් ද යතුරු පැදිවලින්ද පැමිණ සුදු ක්‍රිඩාවේ යෙදිසිට ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුව ක්‍රීඩාවක්ද? එතකොට ක්‍රීඩාව සුදුවක් වගේ..? සුදුව ජාවාරමක්, සමාජ විරෝධී අකටයුත්තක්! සුරාව, සුදුව සමාජ අපරාධවලට පිවිසුමක්.