( තිලකරත්න දිසානායක)

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් විළිඹුල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවති අවස්ථාවේ දෙදෙනෙකු  අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් සිදු කළ පිහි ඇනුමකින් 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මල්වතුහිරිපිටිය පොලීසිය සඳහන් කරයි. 

පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබ රදාවාන රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විළිඹුල පදිංචිව සිටි මාගම්මනගේ සිරිමෙවන් නමැති තිදරු පියෙකු බව පොලීසිය පවසයි. 

ඊයේ (12) රාත්‍රියේ විළිඹුල ප්‍රදේශයේ නිවසක පැවති කොටහලු මංගල උත්සවය අවස්ථාවේ එම දැරියගේ පියාගේ සොහොයුරෙකු පිහි ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.

මියගිය අය සහ උත්සවයට සහභාගි වී සිටි අයෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් පිහියෙන් ඇන ඇති බව අනාවරණය වූ බවත් පොලීසිය කියයි.