
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30) ඉල්ලීමක් කළේය.
"මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි" යැයිද ඔහු සඳහන් කළේය.
අනුර ප්‍රියදර්ශන යාපා මහතා:
පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම තදින්ම සිදුවෙනවා තවමත් ඒ සඳහා විසඳුමක් ලැබිලා නැහැ . මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. විශාල ප්‍රදේශයකට ස්ප්‍රේ කරන්න වෙන නිසා හමුදාව හරි දාලා කරන්න. මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල් වගාව නැති වෙනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:
ඒකට දුමායනය කිරීමක් හෝ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍යයි. අමාරු වැඩක්. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සමග මැෂින් දෙසීයක් දැනටමත් සපයා තියෙනවා. රැප්ටාරා කියන කෘමි නාශකය භාවිතා කරන්න පුළුවන්. කොහොඹ තෙල් සබන් මිශ්‍රණය පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒක නැති කරන්න උදව් කරන්න.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා:
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහත්තයා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී ඔය වගේ රෝගයක් ආවා. ඒ කාලේ යම්කිසි තෙල් මිශ්‍රණයක් හෙලිකොප්ටර්වලින් ගැහුවා. ඒ වගේ වැඩපිළිවෙලකට යන්න වේවි.
වැවිලි කර්මාන්ත ඇමති:
සුදුමැස්සා ඉන්නේ පොල් අත්තේ යට පැත්තේ. උඩින් ස්ප්‍රේ කරන්න බැහැ.
රමේෂ් පතිරණ මහතා:
ඒ ගැන අවධානය යොමු කරනවා
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න
chandima Thursday, 01 December 2022 03:13 AM
හමුදාව යොදවන්නේ කිව්වේ. සුදු මැස්සටත් වෙඩි තියන්නද? නැත්නම් මෝටාර් ගහන්නද යන්නේ.
BamunuarachchiThursday, 01 December 2022 05:07 PM
එතකොට ගිනිනිවන හමුදාව යොදවන්නේ ගින්නට වෙඩි තියන්නද මෝටාර් ගහන්නද? ඔබගේ තෙරුම් ගැනීමේ හැකියාව අති විශිෂ්ටයි.
bamunuarachchi Thursday, 01 December 2022 05:03 PM
හෙලිකොප්ටර් යොදවලා මොනවා කරන්න සුදුමස්සා ඉන්නේ පොල් ඇත්තේ යටිපැත්තේ . බෙහෙත් ගහන්න වෙන්නේ පොල් ගහටනැගලා පොල් අත්තේ යටිපැත්තට.