(රංජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුවේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිණය හමුවේ මීට සුළු මොහොතකට පෙර වරද පිළිගත්තේය.

ඒ අනුව රංජන් රාමනායක මහතා සිංහල භාෂාවෙන්  ශ්‍රේෂ්ඨාධිකරනයට  අපහාසයක් සිදු වුවා නම්  කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බව දැනුම් දුන්නේය.

ඒ අනුව මේ සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීය.