(තිළිණි ද සිල්වා)
මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සෞදි රජයේ රූපවාහිනි සේවාව නිවේදනය කර ඇත.
ඉකුත් පාස්කු ඉරිදා පුද්ගලයින් 250 කට අධික පිරිසකට මරු කැඳවමින් ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන වත්මන් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බව ගල්ෆ් නිව්ස් සේවය වාර්තා කර සිටී.
ඉදිරියේ දී මෙරට තුළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් යළිත් වරක් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයෙන් පසු සෞදි තානාපති කාර්යාලය වත්මන් ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකු දෙයක් යනවා නම්, ගොඩක් පින් එහෙම යන එකට, ආයිත් එන්න එපා....
සිතන්නට යමක් තිබෙන බව පැහැදිලියි .......
අපු වැඩේ හරිනේ දැන් ? ඉතුරු ටික ලංකවේ ත්‍රස්තවාදී ටික බලාගනීවි
බුද්දික එතකොට එයාලත් අපේ ලංකාවේ අයට ඒ රටවලින් රැකියා කරන අයට රටින් පිට වෙන්න කීවොත් මොකද වෙන්නේ? ලංකාවේ හොදම විදේශීය අදායම වගේම පවුල් කීයක් රැකෙනවද ? අපේ අසරණ දුප්පත් මන්නුස්සයනට යන කල මොකක්ද?
විසා දීමේදී ඉදිරියේදී හුඟක් ඉන්ටෙල් යොදාගන්න වෙයි........
මුන් මෙහේ ආවේ මොකටද කියල පරික්ෂා කරලා, ආයිත් ලංකාවට ජීවිතේට එනද එපා කියල යවන්න...... ඔවුන් තමයි ත්‍රස්තවාදීන්ට කිරි පොවලා හදන්නේ.......
අර පල්ලි 200ක් හදලා දුන්නා ඒ පල්ලිවලට ගිය පළමු බෞද්ධයා මමයි කියපු සාටකතුමාගෙන් කිසිම සද්දයක් නැහැ නේද?
මෙම බෝම්බ ප්‍ර හාරය කරණ කොටගෙන බොහෝ දේ සිතා ගත යුතුයි. එයින් එකක් වන්නේ රටේ ආර්ථික ක්‍රමයයි. රටෙහි ප්‍රධාන ආදායමෙන් එකක් වන අපගේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස අරාබි රටවලට යැවීම බව සත්‍යයකි. නමුත්, එය ආඩම්බර විය යුතු දෙයක් ද? අපේ රටේ වෙනත් වෘත්තිය රැකියාවක් කිරීමට අපේ කාන්තාවන් පුහුණු කිරීමේ ක්‍රමයක් නිර්මාණය කළ නොහැකිද? රටෙහි පාලකයන් මෙම කාරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
මගේ අදහස නම් සියලු ගෘහ සේවිකාවන් සියලුදෙනා ආපසු ගෙවා ගත යුතුය. සල්ලි ගැන හිතුවොත් අපට බෙලලේ පුඩුව තදවෙන කාලය වැඩි දුර නොවී.