(එම්.කේ.නන්දසේන)
එංගලන්ත ජාතික කාන්තාවක් බුත්තල කතරගම මාර්ගයේ වනජීවි මුරපොල අසල වැසිකිළියට ගිය අතරවාරයේ ගමන් මල්ලේ තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා කැමරා උපකරණ කට්ටලයක් සොරකම් කොට ඇති බවට කර තිබූ පැමිණිල්ලක් මත වනජීවී නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි.
එංගලන්ත ජාතික මෙම කාන්තාව ඇයගේ මිතුරෙකුද සමගින් ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් මස 22 දාය.
ඇය පසුගිය (05)දා කතරගම ප්‍රදේශයේ සංචාරය කොට ඊයේ (06) සෆාරි ජීප් රථයකින් කතරගම බුත්තල මාර්ගයේ සංචාරය කොට ඇත. ෙමෙම කාන්තාවට වැසිකිළි යාමේ අවශ්‍යතාවය මත ගල්ගේ වනජීවි මුරපොළ වෙත පැමිණ වැසිකිළියට ගිය අතරවාරයේ මෙම කැමරා උපකරණ සොරකම් කොට ඇති බවට පැමිණිල්ලේ දැක්වේ.
අදාළ පැමිණිල්ල මත ගල්ගේ වනජීවී මුරපොළේ සේවයේ නියුතු වනජීවි නියාමක වරයෙකු කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සුදු කතගේ කැමරාව ඉස්සූ වන නියාමක දැලේ
පිටිගල මිලානෝ Tuesday, 07 March 2023 03:06 PM
පිටරට ඉන්න අපට හතරවිලිලජ්ජාවේ බෑ… සංචාරක කෙෂ්ත්‍රයේ ප්‍රබලයින් වහාම ක්‍රියාමාර්ගයක් ගන්න පොලිසියත් එක්ක එකතුවෙලා. අප රටට එන සංචාරකයින්ගෙන් සියයට අටත් මෙරට තුල සිදුවන අපරාධයක වින්දිතයින් වෙනවා. මෙහෙම ගියොත් ළගදීම ඒකත් හබක්…..
Bamunuarachchi Tuesday, 07 March 2023 05:48 PM
වනජිවි නියාමකලාගේ ඉතිරි වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? පට්ට හොරෙක් ගොන් හරකෙක්