
(නිමල කොඩිතුවක්කු)
ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර තිබේ.
මෙයට අමතරව හාල් උපරිම කිලෝ ග්‍රෑම් 5ක්, සීනි උපරිම කිලෝ ග්‍රෑම් දෙකක්, සැමන් උපරිම ටින් එකක් සහ පොල්ගෙඩි උපරිම තුනක් වශයෙන් භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති.
බොහෝ ලංකා සතොස අලෙවිසැල් වල සීමා කර ප්‍රමාණයට හෝ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවද ඔවුහු සඳහන් කරති.
මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුනත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාන්ඩ නොතිබූ බවත් පාරිභෝගිකයේ පවසති.
සම්බා කිලෝව රුපියල් 130ක්, සුදු සහ රතු කැකුලු කිලෝව 105ක්, සුදු සීනි 130 ක්, දුඹුරු සීනි 158ක්, රතු පරිප්පු කිලොව 360ක් ආදි ලෙස සතොස අළෙවි සැල් මගින් භාන්ඩ අළෙවි කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා සතොසේ නැති වුණත්, ආණ්ඩුව නම් ජනතාවට හොඳටම පරිප්පු දෙනවා.
සර් ෆේල්. ආණ්ඩුව ෆේල්. ඉතින් සතොස කියන්නේ මොකක්ද? ඒකත් ෆේල්ම තමයි... කලුකඩ වෙළඳාමේ නවතම ක්‍රමය රජය මිල පාලනයෙන් ඉවත්වීම ප්‍රකාශ කිරීම... ගජ මිතුරෙක් ගෙන්වන භාණ්ඩ තොගය කලුකඩ මිලට විකිණීමට මඟ පෑදීම...
ලාබෙට,ණයට, නිකං කන්න බලාගෙන 69 ලක්ෂයක් ඡන්දය දීලා කන පරිප්පුව හොඳටම ඇති. තවත් පරිප්පු කන්න ශක්තියක් නැහැ... 1970 -1977 අතර කාලයේ උපන් අයට පරිප්පු දකින්නට ලැබුනේ 1977 න් පස්සේ... සතොසේ සියලු බඩු ටික ඇතිසේ කියපු දවසක් තිස්සේ ධන රිනගේ බිස්සේ බඩු තිබේදැයි බලමු රිස්සේ...
ඒක හොඳයි...