(හාලිඇල- විජේරත්න රත්නායක)
කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මුදල් හා රන් බඩු ඇල්ල නගරයේ හෝටලයකදී අද අලුයම සොරකම් කරනු ලැබ ඇතැයි ඇල්ල පොලීසිය කියයි.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු පවුලේ පිරිසක් ඊයේ (18) රාත්‍රී ඇල්ල රාවණා ඇල්ල පාරේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන තිබේ. එහිදී තම පවුලේ අයෙකුට අයත් පවුම් එක හමාරක් පමණ වන පෙන්ඩනයක් සහිත රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරාගෙන ඇති බව අද උදේ වන විට දැනගෙන, පසුව ඒ බව ඇල්ල පොලීසියට පැමිණිළි කොට තිබේ.
ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට දුන්නා කියා සිතා ගන්න. කෙසේද අප රට ගොඩ යන්නේ?
විදේශික හෝ දේශීය සංචාරකයකුගේ ආරක්ෂාව හා බඩුබාහිරාදිය පිළිබඳ වගකීම අදාළ අවන්හලේ හෝ හෝටලයේ වගකීමක් නොවේද? අප රටේ මෙවන් ස්ථාන නියාමනය කිරීමට ක්‍රමවේදයන් තිබේද? මෙවන් සිදුවීම් රටක් හැටියට ලෝකය ඉදිරියේ හෑල්ලු වෙනවා නොවේ ද?
රට හැමතැනම හොරු...
මෙතුමා LB එකට සල්ලි වලට කඩේ යනවා නේද? වැඩි ඈතක නැති ඉස්සර දවසක සනත් ජයසුරියත් මෙහෙම කඩේ ගියා CIFL එකට... දැන් එ්කේ සමහර තැන්පත්කරුවන් පාරේ හිඟාකනවා.
ඇල්ල බලල එන්න යන්න ලක්ෂ 2 ක් අතේ අරන් යන්න ඕනද? කලින් හෝටලේට මුදල් ගෙවල තිබ්බනම් කෑමට බීමට කීයක්හරි විතරනේ අරන් යන්න ඕන.
සිංහලයකුගෙන් තවත් සිංහලයන් හොරකම් කරලානේ..