(අජන්ත කුමාර අගලකඩ)
මේ වසර අවසාන වීමට පෙර සතොස අලෙවිසැල් තවත් සීයක් රටපුරා ආරම්භ කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබාදීමට හා හිඟයකින් තොරව සැපයීමට මෙම පියවර ගන්නා බව ඇමතිවරයා කීවේය .
මේ සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව පවතින ගොඩනැගිලි ලබාගන්නා බව කී ඇමැතිවරයා මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සතොස ගබඩා 25ක් ද ආරම්භ කරන බව කීවේය
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අපි නැවත 70-77 යුගයට.ආහාර සලාකයට. මේ හිඟන වාමාංශික පක්ෂ ගෑවුන හැම රටක්ම වැනසී නායකයෝ ධනවත් වුනා. අපිට නිදහස ලැබීම කරුමයක් බවයි දැන් නම් තේරෙන්නේ. උගත් තරුණ පරපුර රට හැර යාම වැළැක්විය නොහැක.
තව තවත් පෝලිම් වැඩි නොවේවා. ජනතාව පෝලිම් වල වේලෙන වටිනා කාලය රටට වැඩදායක වේවා.
හොඳ පියවරක්. රාත්‍රී 10 පමණ වන තෙක් අලෙවිසල් ඇර තැබිය හැකිවන පරිදි, සේවා මුර දෙකක් දැමිය හැකි නම් වඩාත් හොඳයි.
අගලවත්තට සතොසක් දෙන්න. 1970 ගණන්වල පටන් ගත්ත සතොස 1980 ගණන්වලදී වහලා දැම්මා පුද්ගලික වෙළඳුන්ගේ බලපෑම් නිසා. අදත් ඒ ප්රශ්නය එහෙමම තියනවා. අගලවත්ත ප්‍රාදේශීය සභාවට අයිති ගොඩනැගිල්ලේ ප්‍රාදේශීය සභාව සතොස ආපසු පටන් ගන්න උනන්දුවක් ඇත්තේම නෑ පුද්ගලික වෙළඳ අධිකාරියට යට නිසා. මේ ප්රශ්නය නිසා අගලවත්ත නගරයේ සහ අවට ගම්මානවල සමහර වෙළඳසල් ගිනි ගණන් වලට බඩු විකුණන්නේ. බොහොම ටික දෙනයි සාධාරණ ලෙස වෙළඳාම් කරන්නේ... ඒ නිසා අඩුවට බඩු ගන්න ඕන නම් අගලවත්තේ අය මතුගමටම යන්න ඕනෑ.
තවත් කෝටි ගනම් මහජන මුදල් නාස්ති කරන්න මේ හදන්නේ.මේ රටේ අත්‍යවශ්‍ය බඩු හිගයකට හේතුව රජය අසාර්ථකව ආර්ථිකය හැසිරවීමය්.නැතුව සතොස තව දැම්මා කියලා මේ තාවකාලික විසඳුම් මොනතරම් විහිළුවක්ද?