
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතොසින් භාණ්ඩ වර්ග 100ක මිල අඩුකර ඇති බව වෙළෙඳ අමාත්‍ය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) පැවසීය.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙළෙඳ අමාත්‍යංශයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ඒ අනුව වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදීගැනීමට හැකි බවත් සුදු නාඩු - කිලෝවක් රුපියල් 217 කට, සුදු කැකුළු -කිලෝවක් රුපියල් 203 කට, පාන් පිටි -කිලෝවක් රුපියල් 254 කට, හාල්මැස්සෝ- කිලෝවක් රුපියල් 1,050 කට, පරිප්පු - කිලෝවක් රුපියල් 264 කට සහ බී ලූනු - කිලෝවක් රුපියල් 150 ත්- 160 ත් අතර මිලකට මිලදී ගතහැකි බවත් ඒ මහතා කීය.
මෙම භාණ්ඩ මිලදීගනීමේදී සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන අතර මෙම සහනය පාරිභෝගිකයන්ට දුන් සනයක් කී අමාත්‍යවරයා මෙය ව්යාපාරිකයනන් භාණ්ඩ මිලදීගන්නා ආකාරය දන්නා නිසා මෙය ව්‍යාපාරිකයින්ට නොලැබෙන සහනයක් නොවන බව ද සඳහන් කළේය.
ලංකා සතොසින් රුපියල් 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයන්ට ත්‍යාග දිනාගැනීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා ඇති බවත් රුපියල් 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම පාරිභෝගිකයෙක්ටම ලොතරැයි දිනුම් ඇඳීමකට කූපනයක් දිනාගත හැකි බවත් ඔහු කීය.
සතොසින් භාණ්ඩ මිලදීගත හොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන් බව කී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රුපියල් 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගෙන වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වියහැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd