
( ශාන්ත රත්නායක)
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කිරීමත් සමග සතොස හා සමුපකාර අලෙවිසල් අසල අද දිගු පොලිම් දක්නට ලැබිණි.
දුඹරු සිනි කිලෝවක් රුපියල් 130 කට හා රතු කැකුළු කිලෝවක් රුපියල් 91 කට සතෝස සහ සමූපාකාර අලෙවිසල් වලින් අද සිට ලබාගත හැකි බව රජය දැන්වීමත් සමග මේ ආකාරයෙන් දිගු පොලිම් දක්කනට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති
අඩු මිල ගණන් යටතේ භාණ්ඩ මිලදි ගැනීම සඳහා මාලිගාවත්ත සතොස වෙළදසැල ඉදිරිපිට රැඳී සිටි අයුරු.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අවුරුදු පොකුරට දැන් මාස හතරක් ඉවරයි. කල් ඉකුත්වෙලා දැන් තියෙන පොකුරට බන්දුලගේ සතොස පොකුර කියමුකෝ...
මේක තමයි බඩු මිල වැඩිකිරීමේ අලුත්ම න්‍යාය.. හංගන්න දීලා වැඩි වෙන්න ඇරලා කළින් මිලට වඩා ටිකක් වැඩියෙන් නැවත මිල සංශෝධනය කරලා විකිණීම.. බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
ඇත්තටම රජය කරන්න ඕනේ පිනට මිනිස්සුන්ට දෙනවට වඩා සාධාරණ මිලකට බඩු මිල පාලනය කළා නම් සමස්ත ජනතාවටම වාසිය ලැබෙනවා. කූට ව්‍යාපාරිකයින්ගේ ගසාකෑම් නවත්තන්න ඕනෑ.. ඒ ටික කරන්න බැරි නම් ආණ්ඩුවෙන් වැඩක් තියෙනවද?
එක ඇමැතිවරයෙක් කියලා තිබුණා... සීනි වැඩි වෙන එකට කරන්න දෙයක් නෑ... කියලා. අපරාදෙ මේ අයට වියදම් කරන මහජනතාවගේ මුදල්...
මේකත් ආණ්ඩුවක්ද විමලෝ කිව්වලු.! දැන් ආණ්ඩු කරන්නේ මුහුදු කොල්ල කාරයින්ද?