(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙමව්පියන් විසින් තාක්ෂණ පීඨය නැවත විවෘත කරදෙන ලෙස ඉල්ලා අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැල්ල තුල සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. පාලන අධිකාරිය විසින් ඔවුන් සිටින ගොඩනැගිල්ල දොරවල් වසා දමා සියලු වැසිකිලිද වසා දමා තිබෙන බව මෙම විරෝධයට එක්ව සිටින දෙමාපියෝ පවසති.
විශ්ව විද්‍යාලය තුළ පවතින ගැටලුව නිරාකරණය කර ගැනිම සදහා මෙම විශ්ව විද්‍යාලයේ පිඨාධිපතිවරයා හමුවිමට පැමිණියත් ඉකුත් 13 වැනි දා රාත්‍රී 11.00 පමණ වන තෙක් ඔහු එයට අවස්ථාවක් ලබානොදුන් බව පැවසීය.
පසුව රාත්‍රී 12.00 ට පමණ උප කුලපතිවරයා සමඟ සාකච්ඡාවක් කිරිමෙන් පසුව පන්ති තහනම් කරන ලද සිසුන්ගේ පන්ති තහනම ඉවත් කිරිමට ඔහු එකඟ වුවත් ශිෂ්‍යභාවය අහෝසි කරන ලද සිසුන් පිළිබඳව තමන්ට තීරණයක් ගැනිමට නොහැකි බව දෙමව්පියන්ට පවසා තිබේ. ඒ තීරණයට එරෙහි උරණ වු දෙමව්පියන් දිගින් දිගටම තර්ක කළ අතර පසුව එම පිරිසට ශිෂ්‍යභාවය ලබාදීමට ද එකඟ වී තිබේ.
පසුව දෙමවිපියන් විසින් එය ලිඛිතව ඉල්ලා ඇති අතර එය ඉංග්‍රිසි භාෂවෙන් පමණක් ලබාදිමට උප කුලපතිවරයා පැවසීමත් සමඟම දෙමව්පියන් එයට විරොධය පල කළ අතර එය සිංහල භාෂාවෙන් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. එම ඉල්ලීමට කන් නොදුන් උප කුලපතිවරයා ඉංග්‍රිසි භාෂාවෙන් ලිපියක් දෙමව්පියන්ට බාරදී ඇති අතර දෙමව්පියන් එයට විරෝධය පාමින් ලිපිය භාර ගැනීමට ප්‍රතික්ෂේප කර ඇත.
පසුව උප කුලපතිවරයා පරිපාලන ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් ඇති අතර දෙමව්පියන් එයට විරෝධය පාමින් පරිපාලන ගොඩනැගිල්ල තුළ රැදී සිටීමට පියවර ගෙන තිබේ. පිරිමි පක්ෂය පරිපාලන ගොඩනැගිල්ලේ පහළ රැදී සිටින අතර කාන්තාවන් ඉහළ රැඳී සිටින අතර මේ වෙන විට පාලනධිකාරිය විසින් කාන්තාවන් සිටින ඉහළ මාලයේ දොරවල් සහ වැසිකිලි සියල්ල වසා දමා ඇති බවත් රාත්‍රීයේ සිට එම පිරිසට වැසිකිලි යෑමටවත් නොහැකි තත්වයට පත්ව තිබේ.
පහළ මාලයේ ඇති වැසිකිලි සියල්ල ද වසා දමා පිරිමි අයට ද වැසිකිලි යෑමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද දැනට එම ස්ථානයේ සිටින දෙමාපියෝ කියති.
ඔලුවිල් විශ්ව විද්‍යාලයේ උප කුලපති එම්.එම්.එම්.නජීම් මහතාගෙන් මෙම ගැටලුව විමසිමට අප කටයුතු කළත් ඔහු දුරකථනය ආමන්ත්‍රණය නොකිරීම නිසා සම්බන්ධ කර ගැනිමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්ති තහනම් කරලා තියෙන්නේ පෝයට සිල් ගන්න ගිය නිසා වෙන්න ඇති?
සහජීවන පුවත් තවත් කියනවනේ සමගියෙන් ඉන්න කියලා
ලංකාවේ හැමෝම දැන් ත්‍රස්තවාදී ක්‍රියා මාර්ග තමයි ඉස්සරවෙලාම ගන්නේ. දෙමව්පියොත් එකයි දරුවොත් එකයි. ඉංග්‍රීසියෙන් දුන්න ලියුම කියවගන්න එක දෙමව්පියෙකුටවත් බැරිනම් එයාලගේ ඉල්ලීම සාධාරණයි. නමුත් මේ පරිගණක යුගයේ ඉංග්‍රීසි නොදන්නා අවුරුදු 50 ට අඩු කවුරුවත්ම නැහැ.
රජය වහාම මැදිහත් විය යුතුය. සියලු මානව හිමිකම් අහුරන මෙවැනි අන්තවාදී පිරිසක් අධ්‍යාපන ආයතන පාලනය කිරීම නින්දා සහගතය
ඔය පන්ති තහනමට මුල නවක වදයයි. නවක වදය නීති විරෝධී ක්‍රියාවක් බැවින්, පන්ති තහනම සාධාරණයි. මේ සිසුන් තමන්ට වැඩිහිටියන් සේ සලකන්නට කිව්වත්, තමන්ට ප්‍රශ්නයක් වූ විට දෙමව්පියන්ට පැමිණ ඒවා විසදා දෙන්නට යයි කියනවා. මේ සිසුන් තවමත් හැසිරෙන්නේ බාලාංශ පන්තිවල සිසුන් මෙනි.
හංග හංග කියන්නේ මේකනේ... සිසුන්, දෙමව්පියන් පිරිසක් උසිගන්වලා රජයේ ගොඩනැගිල්ලක් බලෙන් අල්ලන් ඉන්න. ඒක සත්‍ය ග්‍රහයක් කියලා කියනවා. පන්ති තහනම් කළා නම් ඉල්ලන්න ඕන සාධාරණ පරීක්ෂණයක්. ඇයි ඒකට බය?
හොඳ වැඩේ එළියේ ඉඳන් කරන්න ඕනෑ උද්ඝෝෂණ ඇතුලට ගිහින් කළාට.... ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කරලා තියෙන්නේ හේතුවක් ඇතුව නම් කුලපති ඒකට විසඳුම් දීලා තියෙද්දී (ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දීම වරදක් කියා පරිපාලන ගොඩනැගිලි දෙමව්පියන් ආක්‍රමණය කිරීම තුච්ච ක්‍රියාවක්... තව ටික දවසකින් ඔය පළාත්වල සිංහලෙන් ඉංග්‍රීසියෙන් වැඩක් කරන්නම වෙන්නේ නැහැ.... මේවට බුරුලක් දුන්නොත්...
කරුණාකර පාලන අධිකාරියට දන්වන්න විනීතව කාරුණිකව වගකීමෙන් කටයුතු කරන්න.
රජය විසින් මේ ප්‍රශ්නයට විසඳුමක් වහාම ලබාදිය යුතුවේ.
ඔලුවිල් විශ්ව විද්‍යාලයට යන අය දන්නවා එම විශ්වවිද්‍යාලයේ සිකුරාදා නිවාඩු සහ පෝයට පන්ති පවත්වන බව... එතන තියෙන්නේ අරාබි නීති !.මේක හොඳ උදාහරණයක්.. වැඩිය නටන්න දුන්නොත් අපේ ඔලුවටත් අත හෝදන බවට. සිංහලයින් නිවාඩු, හජ්ජි නිවාඩු, රාමසාන් නිවාඩු සියල්ල ලබාදීලා කිසිම වෙනස්කමක් නොකළත් ඒ අය අනිත් පැත්තට කරන්නේ පාහර වැඩ. රාජ්‍ය භාෂාව සිංහල ලියපල්ලා සිංහලෙන්...
මෙතන ජාතිවාදී ගැටුමක් තියෙන්නේ. මේ ළමයින්ගෙන් අහල බලන්න. හැමෝම කියල දෙයි. මේ ළමයි බෝධි පූජාවක් සංවිධානය කරොත් ඇති පන්ති තහනම් කරන්න. ගෑනු ලමයින්ට සාය අදින්න බෑ. දිග කලිසන් අදින්න ඕන. නීතිය වගේ. ඉක්මන් විසදුමක් දෙන්න ඕනැ .........
අැමතිතුමාගේ අවධානය දැඩිව අවශ්‍යව අැත