
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති ”සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් ”ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත” වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (21) විරෝධතාවක් පැවැත්වීය.
මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයන් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ලොක්කා බලේට ආව හැමදාම මේ ප්‍රශ්න පැන නගිනවා. ඒ මනුස්සයාව තියාගන්න බටහිරයන් උදව් කරන්නේ ඒකයි. ජනතා කැමැත්ත ඇත්ව බලය ගත්ත නම් මොනව කරයිද ?
සත්‍ය දැනගැනීමට ඇති අයිතිය පාගා දමන්ට, පාගා දමන්ට අසත්‍යය රජ වෙනවා. ඉතින් ඇයි මහතුනේ මේ නරිවාදම්..? සත්‍යය එපාද?
විශ්‍රාමික එකමුතු කට්ටිය සද්දෙ වහලා වහල්ලු වෙලා...
පටන්ගමු 83 කළු ජූලියේ ඉඳලා. සිලින්ඩර් සීයා දන්නවා හරියටම විස්තරේ