(නිමල කොඩිතුවක්කු)
සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ බාරගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වනදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහොසත් වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛණ ගත කිරීමට පියවර ගන්නා බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පැවසීය.
2022 වසරේ පලමු හා දෙවන කාර්තු වලට ගෙන්විය යුතු බඩ ඉරිගු වලින් මෙතෙක් ගෙන්වා ඇත්තේ 27% පමණක් බවත් සත්ව ආහාර සහ ඒ ආශ්‍රීත නිශ්පාදන මිළ ඉහළ යාමට මෙය හේතු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදකයින්,සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
2022 වසර සදහා සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට ධාන්‍ය මෙට්‍රික් ටොන් 2,25,000 ක් ආනයන කිරීමට රජය අවසර ලබා දී තිබුනත් මෙතෙක් ගෙන්වා තිබෙන්නේ මෙ.ටො. 62,762 ක් පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මෙම තත්ත්වය සෘජුව ආහාර මිල ඉහල යෑමටත්, වක්‍රව බිත්තර මිල ඉහල යාමටත් බලපාන බැවින් තමන් ගෙන්වන බව පවසමින් වෙන්කරගෙන තිබෙන කෝටාව ස්ථිර වශයෙන්ම දෙසැම්බර් 31 ට පෙර ගෙන්වන්නේද යන්න ඔක්තෝම්බර් 07 වනදාට පෙර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුට අදාල සියලු ආයතන ලිඛිතව දැනුම් දිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සත්ත්ව ආහාර සදහා ධාන්‍ය ගෙන්න අවසර ගත් ආයතනවලට කොන්දේසි
මහසෙන් Thursday, 29 September 2022 09:55 PM
පාර්ලිමේන්තුවට කෑම ගෙන්වන්න, ඉක්මන් කරන්නලු.