



සෑම වෙසක් පුන් පොහෝ දිනයකම කැලණිය විහාරස්ථානයට ඇතුළුවීම තරමක් දුෂ්කර ව්‍යායාමයක් වන්නේ සිල් සමාදන්වීමට පැමිණෙන උවසු උවැසියන් පඩිපෙළ දක්වාම වාඩිවී සිටින බැවිනි. එවන් තදබදයක් ඊයේ (18) දක්නට නොලැබුණ නමුත්, ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පළමු වතාවට, විහාරස්ථානයක් තුළට වැඩම කරන බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් පවා කැලණිය විහාරස්ථානය අබියසදී අරක්‍ෂක අංශ පරීක්‍ෂාවට ලක් කෙරිණ.
කැලණිය විහාරස්ථානයේ දොරටු තුනේදීම, විහාරස්ථානයට ඇතුළු වන සියලූම දෙනා පරීක්‍ෂාවට ලක්කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇඳුමට ස්ටිකරයක් අලවන ලදි. පසුව ඔවුන් විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී එම ස්ටිකරය ආරක්‍ෂක අංශ විසින් ඉවත් කරගනු ලැබිණ.
සාමාන්‍යයෙන් වෙසක් පුන් පොහෝදා 3000 කට වැඩි පිරිසක් කැලණිය විහාරස්ථානයට පැමිණෙන නමුත් ඊයේ පැමිණ සිටියේ 1000 කට ආසන්න පිරිසකි. විහාරස්ථානය තුළට වැඩම කරමින් සිටි බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් ආරක්‍ෂක අංශවල පරීක්‍ෂාවෙන් පසුව ඉදිරියට වැඩම කරද්දී, උන්වහන්සේ ‘පරීක්‍ෂාවට ලක්කරන ලදි’ යැයි කියැවෙන ස්ටිකරය රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පී දිනුක ලියනවත්තගේ කැමරාවේ සටහන් වූ අයුරු ඉහළම ඡායාරූපයෙන් දැක්වේ.
සෙසු ඡායාරූප : රොයිටර් පුවත් සේවය අනුග‍්‍රහයෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නීතිය ලෙසම ක්‍රියාත්මක කිරීම ...
රට මේ තත්වයට ඇද දාපු නායකයන් දෙපළට ස්තූතියි.........
සියලුදෙනාගේ ආරක්ෂාවට සියලුමදෙනාම පරික්ෂ කරන්න ඕනෙ.
හරිම අශෝභනයි. හරියට හිරකාරයෙක් කරල වගේ හිතෙනවා. ආරක්ෂක නිලධාරීන්ට තිබුණා. හාමුදුරුවන්ගේ හැඳුනුම්පත ලබාගෙන ඇතුල්වීමට ඉඩදී ආපසු වඩිනවිට හැඳුනුම්පත ආපසු දෙන්න...
බෙන්ස් කාර් නැතුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න බැරි හාමුදුරුවරු ඉන්න රටක සියළුම දෙනා නීතියට ගරුකල යුතුයි.
ඉස්මුරුත්තාව එනකං කාපු එකාට ඇඟිල්ල ගහලා හරි වමාරන්න වෙනවා වගේ... ත‍්‍රස්තවාදියා ඉස්තෝප්පුවට ආවට පස්සේ ගෙදර ආරක්ෂාවට දොර වහලා වැඩක් නෑ...
බොහෝ තැන් වල කරන්නේ අනවශ්‍ය පරීක්ෂාවක්.