IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සීතා අලුත් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධූරයේ දිවුරුම් දුන්නාය.

සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය. 

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.



අදහස් (12)

සීතා අලුත් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

අරවින්ද මොනරවිල Friday, 13 September 2024 03:27 PM

ඉක්මණින් මෙයාට ටෝර්ච් එකයි, කුඩෙයි යවන්න...!

:       0       45

B amarasinghe Friday, 13 September 2024 04:30 PM

සතියකටනේ මේ සේරම...!

:       0       33

Dasa P Friday, 13 September 2024 04:59 PM

සතියකට දෙකකට කැවුම්, කිරිබත් කඤ්ඤම්. පෙරහැර කඤ්ඤම්...

:       0       29

ජගත් ලියනගේ Friday, 13 September 2024 05:44 PM

හරියටම කියනවා නම් දවස් 8 යි. පව් කියල‍ාත් හිතෙනවා...

:       0       20

Priyantha Dissanayake Friday, 13 September 2024 05:08 PM

රනිල් මහත්තයෝ ඔබතුමා ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වගේ කියනවා යන්තම් මතකයි... ඒ නිසා මේ වෙලාවේ විධායක බලතල භාවිතා කිරීම සදාචාර සම්පන්න නැහැ වගේ කියලා නේද වැඩබලන පොලිස්පතිකෙනෙක් පත්නොකර සිටියේ? අනේ ඔබතුමා 77 -94 ආණ්ඩුවල ක්‍රියාශීලී, ආචාරශීලි දක්ෂ, උගත්, බුද්ධිමත් පිරිසිදු ඇමැතිවරයෙක්, අගමැතිවරයෙක්, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තියයක්ව සිටි, ප්‍රතිවාදීන් පවා මිස්ටර් ක්ලීන් හැඳින්වූවේ. එසේ වූ ඔබතුමා මේ ජීවිතයේ අවසාන සමයේ මොනවද කරන්නේ...? තාමත් ඔබතුමාට අවස්ථාව තිබෙනවා ඔබතුමා එජාපයට, පාක්ෂිකයින්ට කළ අපරාධයෙන් පිරිසිදු වෙන්න. කරුණාකර සජිත් මහත්තයා ඇතුලු පිරිසට එජාපය බාරදී ඔබතුමා ජනාධිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන්න. ඔබතුමාට සැනසිල්ලේ අවසන් හුස්මපොද හෙලන්න පුළුවන් වේවි. මම ඔබතුමාට බොහෝම ගරුකළා, පින්දුන්නා. එදා සුගතදාස එකට අතින් අල්ලාගෙනවිත් ජනතාවට බාරකළ ඒ සොඳුරු මිනිසා 21 වෙනිදින රට බාරගන්නවා. ඊට පෙර ඔබතුමාගේ යුතුකම ඉටුකරන්න. තෙරුවන් සරණයි..!

:       4       20

සෙනෙවිරත්න Friday, 13 September 2024 05:41 PM

සජිත්ට බාරදී අන්දරේ රජ නොකර වෙන දෙයක් වෙන්න හරිමු. රනිල් සහ සජිත් දෙන්නාම යන්නේ එක පාරේය, එහෙට මෙහෙට පනින්නේ ඔවුන් දෙගොල්ලන්ය. කවුරු පත් වුවද වෙනසක් නැත. දූෂිත මජර ක්‍රමය ඉදිරියටත් ගෙනයනවා හැර සජිත් දුන් ⁣රහස් පොරොන්දු ඉටුකළ නොහැක... ජනතාව ඉල්ලන වෙනසට ඉඩ දෙමු.

:       1       18

Achini Friday, 13 September 2024 06:13 PM

අලුත් කුඩයක් ඕනෑ කර තිබේ...!

:       0       20

ජනක Friday, 13 September 2024 09:45 PM

මොවුන් වගේ අය ඉන්න රටක අපි ඉපදුනානේ අප්පා... කරුමේ...!

:       0       7

Kazi Shajahan Saturday, 14 September 2024 07:35 AM

ජනමතයක් නැති සිතට ජනමතයක් නැති රනිල්ගෙන් තෑග්ගක්...

:       0       3

sam Saturday, 14 September 2024 12:51 PM

මෙයා කලා කිසිම වැඩක් නෑ. කාලෙම වාසි ගත්තා විතරයි.

:       0       4

Perera Saturday, 14 September 2024 09:17 PM

පට්ටම බෙල්ල ඔතාගෙන ගෙදර යන්න ලබන සුමානේ.

:       0       0

පිටිගල මිලානෝ Sunday, 15 September 2024 12:30 AM

එක සිහසුනයි සීතාට රජවරු දෙන්නයි…..ගෝටා සහ රනිලා…

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site