
(සුජිත් හේවාජුලිගේ)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් වාහන හාර ලක්ෂ දහතුන් දහසක් පමණ නිසි අංක තහඩු නොමැතිව මහමග ධාවනය කෙරෙන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මෙම තොරතුරු අනාවරණය වූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කරැණු විමසීමට එහි නිලධාරීන් එම කමිටුවට ඉකුත්දා කැඳවූ අවස්ථාවේදීය.
අංක තහඩු මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බවත් ලබන මස අගවන විට එම අංක තහඩු ලබාදීමට හැකි යැයි අදාළ ආයතනය දැනුම්දී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මේ අතර නිසි අංක තහඩු නොමැතිවීම හේතුවෙන් ඉහත වාහන හිමිකරුවන්ට පොලිස් නිලධාරින්ගෙන් යම් යම් බාධා එල්ල වන බවට මුදල් කාරක සභාවේදී ප්‍රකාශ කෙරිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කාගේද? අතිශය අකාර්යක්ෂම උසස් රාජ්ය නිලධාරීන් නොවේද?