
(යොහාන් භාසුර)
එළඹෙන සති අන්තයේ (අද සහ හෙට) රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හෙට (25) පස්වරුවේ පැවසීය.
අනිද්දා (26) දිනයේ ඒ, බී සහ සී යන කළාපවලට පැය 3 ක් ද, සෙසු කළාපවලට පැය 2 යි විනාඩි 30 ක් ද, පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කරන බවත් 27 වැනිදා ඒ, බී සහ සී යන කළාපවලට (දකුණු පළාතට) පමණක් පැය 2 යි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කළ ද සෙසු කළාපවල විදුලිය විසන්ධි නොකරන බවත් ජනත රත්නායක මහතා කීය.
හෙට දිනයේ දකුණු පළාතේ විදුලි කප්පාදුව දිවා කාලය කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.
විදුලි කප්පාදුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට පිළිබඳව අවදානය යොමු කර එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදුව නොකරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ බවත් සති අන්තයේ අඩු විදුලි පරිභෝජනය ද ප්‍රයෝජනයට ගනිමින් කප්පාදු නොකර ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටි බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිතුමා ඔබට තියෙන්නේ කපන්න අවසර දීමද කියන්න බලන්න ඇත්තටම ඔබට හැකියාව නැද්ද මෙහෙම ප්‍රශ්න ඇති නොවෙන්න ජනතා අදහස් ලබාගෙන රජයට ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කරවන්න බැරිද? ඔබේ වැඩේ කැපිලි කාලසටහන කියවීම අපිට එපාවෙලා...
බලමුකෝ එහෙම වෙයිද කියලා..?
ලොකු විජයග්‍රහණයක්... ඉතින් සමරමු 69 ලක්ෂයේ ගොන්රැල...!
ගම්මන්පිල මහත්තයා මොකද්දෝ හේතුවක් නිසා කාට කැපුවත් මිරිහානේ ඉන්න අයට තත්පරයක්වත් කපන්නේ නැතුවා වගේ.. මේ මාසේ 29,30,31 යන දවස්වල නම් මුළු ලංකාවේම විදුලිය කපන්නේ නෑ. කීයද ඔට්ටු..?
සති අන්තයේ නොකපා ඉන්නේ මොන බම්බුවකටද? අපේ ළමයි පිටරවල් සමග ඔන්ලයින් වැඩකරන්නේ සතියේ දවස්වල මිසක් සති අන්තයේ නොවෙයි. ඒ ගොල්ලෝ ලැප්ටොප් උස්සගෙන විදුලිය තිබෙන පැතිවලට දුවනවා වැඩ කරගන්න. බත්තරමුල්ලට කිසිදිනක විදුලිය කපා නැහැ. ඒ වෙනුවට අනික් ප්‍රදේශවලට වැඩිපුර කපනවා. පෙරේදා කලල්ගොඩ ප්‍රදේශයට පැය 11 විදුලිබලය නැහැ. අලුත්වැඩියාවට පැය 8 කැපුවා රෑ තව පැය 3ක් කැපුවා. අද දවල් පැය 4 සවස පැය දෙකහමාරක්. බත්තරමුල්ලට නොකපන්නේ රටේ ලොකු එකෙකුගේ පුතෙක් ඉන්න නිසාලු. කොහොම වුණත් රජයේ ආයතන රෑට වැඩ නොකරන නිසා බත්තරමුල්ලේ විදුලිය නොකපන්නේ ලොකු එකෙකුගේ පුතෙක් ඉන්න නිසා කියා අපිටත් හිතෙනවා.
මෙයා බීලා කතා කියනවද මන්දා...? සති අන්තයේ අද සහ හෙට (25 සහ 26) මෙසේ විදුලිය කපන්නේ නැහැ කියලා කියනවා. අද 25 වෙනිදා දහවල් එකත් අතහරිමුකෝ... නමුත් මේ වේලාවේත් (25 රාත්‍රී වේලාව දැන් 08:35) අපට විදුලිය නැහැ. පස්වරු 07:45 ට විදුලිය විසන්ධි වුනේ. ඉතින් හෙට (26) ගැන කුමන කතාද? මහජනතාව මුලා කරන කාලකණ්ණි...
ලයිට් කපන පැය ගණන කියන්න මෙච්චර ලොකු පඩියක් ගෙවන්න ඕනෑද?
අහවල් එහෙකටද මේ වගේ ස්ථිර තොරතුරක්වත් දෙන්න බැරි අපතයින් අපේ මුදලින් නඩත්තු කරන්නේ... කුඹුරක කුරුල්ලා පන්නන්න පඹයෙකුට නම් හොඳයි...
වැඩකරන දින 5 දවල්ට ලයිට් කැපුවාම රටක් දුවන්නේ කොහොමද?
ජෝකර් කොමිසම.