
(රෝෂන් තුෂාර)
සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාව තුළ නොමැති බවට රජයේ රස පරීක්ෂක කාර්යාලය වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ඒස් බෝදරගම මහතා ප්‍රකාශ කළේය.
සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා දිගින් දිගටම වාර්තා ඉදිරිපත් කර ඇතත්, එම අඩුපාඩුව මගහැරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවත්, සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණ පහසුකම් නොමැති බවට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම විමර්ශන නිලධාරීන් ලෙස පොලිසියේ වගකීමක් බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
අදාළ පහසුකම් ශ්‍රී ලංකාවේ නොමැති බවට වහා බලධාරීන් දැනුවත් කරන ලෙසට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නියෝගයක්ද නිකුත් කළේය.
මහා පරිමාණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවරා තිබූ නඩු තිස්පහකට අධික ප්‍රමාණයක් අධිකරණය ඉදිරියේ කැඳවීය.
අදාල නඩුවල සාක්ෂි ලෙස සටහන් දුරකථන ඉදිරිපත් කර ඇති බවට පොලිසිය කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
එම අවස්ථාවේදී පොලිසියට ප්‍රශ්නයක් යොමු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කරන සැටලයින් දුරකථන විශ්ලේෂණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ තිබේදැයි විමසා සිටියේය.
පොලිසියේ ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ රජයේ රස පරීක්ෂකවරයා වෙත දත්ත වාර්තා කැඳවීම සඳහා යොමු කරන බවය.
ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්වරයා සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාවේ නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා අවස්ථා කීපයකදී වාර්තා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නේය.
එම පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති නම් , පහසුකම් සලසා ගැනීමට ක්‍රියා කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් නඩුවක වටිනා සාක්ෂි ගිලිහුගොස් අපරාධකරුවන් නීතියේ රැහැනින් ගැලවී යාමට හේතුවක් විය හැකි බවත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd