IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සටන් විරාමයකට යන්නැයි රුසියාවෙන් ඉල්ලීමක් කරන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නවතා සටන් විරාමයකට යන්නැයි රුසියානු රජයට  දැනුම් දෙන  ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22)  රජයෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ කියවීමේ විවාදයේදීය.

එම ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුවට කට ඇරීමට නොහැකිනම්  ශිෂ්ට සම්පන්න රටක් ලෙස සටන් විරාමයක් හෝ ඉල්ලන්නැයි කිරිඇල්ල මහතා  මෙහිදී පැවසුවේය.

රුසියාවේ ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් හාරදහසක් පමණ මියගොස් ඇති බවත්  එහි පාසලකටද ප්‍රහාර එල්ලවී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එවැනි ඉල්ලීමක් කිරීමට ඕනෑම රටකට අයිතියක් ඇතැයිද  ඔහු පැවසුවේය.

රුසියාවේ ප්‍රහාර සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශ කරන්නැයි ශ්‍රී ලංකාවේ  විවිධ භාණ්ඩ මිලදී ගන්නා  බටහිර රටවල් ගණනාවක්   ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (13)

සටන් විරාමයකට යන්නැයි රුසියාවෙන් ඉල්ලීමක් කරන්න

කිරි පුතා Tuesday, 22 March 2022 05:39 PM

ප්‍රශ්නය හරියට දන්නේ නැත්නම් නිහඬව ඉන්න එකයි වඩා සුදුසු... පාර්ලිමේන්තුවේ චව් චව් ගෑවට ජාත්‍යන්තරයට ගිහින් එහෙම කරන්න බෑනේ...

:       0       0

අතුල සෞදි Tuesday, 22 March 2022 05:59 PM

ප්‍රබල විපක්ෂ වශයෙන් (එසේ සිතන) ඔබතුමාලාම මාධ්‍ය නිවේදනයකින් ඉල්ලන්න. මොකද ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්නේ...

:       0       0

පෙරේරා Tuesday, 22 March 2022 09:26 PM

මතකනෙ කලින් පාර... රුසියාවෙන් ගෙන්වන ඇස්බෙස්ටෝස් තහනම් කරන්න ගිහින් වෙච්ච දේ...

:       1       2

sampath Tuesday, 22 March 2022 10:06 PM

ඕන ගොනකුට යුද්ධ කරන්න පුලුවන් කියලා මේල් එකක් යවන්න තිබුනේ.

:       2       5

Nadika Wednesday, 23 March 2022 12:09 AM

ඔව් ඉතින් ඔයාලාගේ ආන්ඩුවක් තිබුනානම් එක්සත් ජාතීන් රැස්වීමට ගිහින් ඇමරිකාව එක්ක රුසියාවට විරුද්ධව චන්දෙත් දීලා මෙලහකට...

:       3       6

Lucky - USA Wednesday, 23 March 2022 04:06 AM

කරුණාකර විහිළු කරන්න එපා!!! කොහොමත් ලෝක ප්‍රසිද්ධ ජෝකර්ලා!!!

:       3       6

ජුණ්ඩප්පුවා Wednesday, 23 March 2022 07:34 AM

ඕනැ ගොනෙකුට යුද්ධ කොරන්ට පුළුවන් නෙව. ඉතිං මොකටෙයි විරාම ?

:       1       7

Mahesh Wednesday, 23 March 2022 07:47 AM

අමතකද බටහිර මානව හිමිකම් උගුලේ අපව හිරකරන විට හිටියේ රුසියාව විතරයි අපට

:       4       6

චන්දන Wednesday, 23 March 2022 08:37 AM

මෙයාට ලංකාවෙ ප්‍රශ්න ඇත්තේම නැහැ. යුක්රේනය තමා මෙයාට තියෙන ප්‍රශ්නෙ. අලිමංකඩ පාමංකඩ අඳුනන්නෙ නැති මෙයා ට දැං හිතෙන්නේ නැති ද යුද්ධය කරන්න ගොන්නුන්ට වුනත් පුළුවන් කියල.

:       3       6

Gag Wednesday, 23 March 2022 09:27 AM

නිකන් උඩගෙඩි දෙන්නැතුව ඉන්නවද මේ වෙලාවේ? ඕන කෙනෙකුට ඕක කියන්න පුලුවන්. නමුත් අවශ්‍ය නෑ

:       3       7

sujeewa Wednesday, 23 March 2022 11:12 AM

මෙයා හදන්නේ ප්‍රශ්නයට අපිව බලෙන් ඇදලා දාලා ඒකෙන් වාසිගන්න. රටට හෙන ගැහුවත් කමක් නැහැ... තමන්ට වාසියක් වෙනවා නම් කියලා හිතන කෙනෙක් තමයි මේ... හැමදාම අපිත් එක්ක හිටපු රුසියාව, චීනය වගේ නිශේධ බලය තියෙන රටවල් අපිට වටිනවා. යුක්රේනය අද බටහිර කීමට රුසියාවට විරුද්ධ වුණා වගේම එදා බටහිරයින්ගේ කීමට අපිට විරුද්ධ වුණා... ඉරාකයට, ලිබියාවට, ඇෆ්ගනිස්ථානයට, සිරියාවට, කට්ටියක් ඒකතුවෙලා ගහනකොට මෙයා මීක් කිව්වද කියලා හොයලා බලන්න වටිනවා...

:       0       0

fairoos Wednesday, 23 March 2022 12:37 PM

ඔව් වහල්ලුන්ට නම් මේ ආණ්ඩුව නියමයි. රටට මෙච්චර වෙලත් කියවන්නේ ගිය ආණ්ඩුව ගැන...

:       0       0

Heena Wednesday, 23 March 2022 01:06 PM

අපිට තියෙන ප්‍රශ්න මදිවටද ඉල්ලන් කන්න හදන්නේ...? අපිට පුළුවන් නම් ඩොලර් ටිකක් ඉල්ලමු තෙල් ටිකක් ගන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site