IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය ඔහුට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට  අද නියම කළාය.

පෞද්ගලික නාලිකාවකට මීට වසර 08කට පෙර කළ ප්‍රකාශයකින් සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ දිසා විනිසුරුවරිය අදාළ වන්දිය නියම කළාය.

තමාට කල අපහාසට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මීට වසර 07කට පමණ පෙර ගල්කිස්ස දිසා අධිකරණයේ නඩු පවරා තිබිණී.

තමා බැදුම්කර ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බවට වගඋත්තරකාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් එම මාධ්‍ය මඟින් එදින ප්‍රචාරය කර ඇතැයිද සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ එම ප්‍රකාශය අසත්‍ය යැයිද සඳහන් කරන පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා තමා සම්බන්ධයෙන් කළ එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍යයේ පළවීමෙන් තමන්ට අපහාසයක් වී ඇතැයිද සඳහන් කර ඇත.

 



අදහස් (7)

සුජීවට කෝටි 25ක් ගෙවන්න හිටපු ඇමැති සී.බීට නියෝගයක්

sam Wednesday, 05 February 2025 10:45 PM

‘ෆුට් නෝට්’ කල්ලිය හෝ සාමාජිකයන් පිලිබඳව පළමුව අදහස් හෝ චෝදනා මතුවුයේ පාර්ලිමේන්තුව තුලය.

:       2       87

janahitha Thursday, 06 February 2025 08:47 AM

අර්ජුනගෙන් ලක්ෂ දහයක් බැංකුවෙන් ගත්තේ රියදුර යවලා. අධිකරණයට මේවා වාර්තා වෙලා නෑ වගේ. අමාත්‍යතුමාට මහඅධිකරණයට යන්න පුළුවන්.

:       2       57

ලසා Thursday, 06 February 2025 08:53 AM

එයා තාම ඇමැති ද මේ රටේ? ඇයි හිටපු ඇමැති කියල ලියන එක අවුල්ද

:       13       22

Pankumburage Thursday, 06 February 2025 08:59 AM

දැන් ඉතින් යාළුවොනෙ ඕක ෂේප් කරගන්න.

:       28       15

ranjith Thursday, 06 February 2025 12:25 PM

ඡන්ද ගන්න හොරු හොරු කියමින් ඒවාට නිසි ක්‍රියාමාර්ග නිසි වේලාවට ගැනීම කල්මරමින් සිටින එකේ ප්‍රතිඵල....

:       31       5

බද්රානි Thursday, 06 February 2025 03:05 PM

ඔය එක එකාගේ ගනුදෙනු වලින් අපට වැඩක් නැහැ.. කෝ අර තක්කඩි නීතිපතියගේ අසික්කිත නීතිය සම්බන්ධව කැලෑ පත්තරේ ලිපි පලවෙන්නේ නැද්ද..? ජනාධි පති ඇතුළු ආණ්ඩුව මේ ගැන නිහඬද..? එහෙම නම් උඹලටත් දෙවියන්ගේ ශාපය වැදී වැඩි කලක් මේ රට පාලනය කරන්න ලැබෙන්නේ නැහැ... එක අතකට මේ නරා වලේ මොකා රජ උනත් අවලම් කම් ඉවර වෙන්නේ නැහැ... මෙවුන් ජානගත අධමයින්... ලසන්ත වික්‍රමතුංග ව ඝාතනය කලේ මිග් යානා ගනුදෙනුව ගැන හෙලිකල නිසා කියල මේ රටේ අවලම් බල්ලෝ දන්නෙම නැද්ද..? තව මරාපියව්!!!!

:       22       9

kahawita Friday, 07 February 2025 04:44 AM

ඉහින් බොරුවක් නෙමෙයි, ෆුට්නෝට් විතරක් නෙමෙයි, මේ යකා ඇත්ත නැත්ත කියලා පොතකුත් ගැහුවානේ. මහ බැංකු හොරකම සාධාරණය කරලා. හැබැයි ඔයා යෝදයා විවාදෙකට ආවත් පැරදිලා එනවා නම්, අර පොඩි ළමයි රණ්ඩු වෙනකොට අම්මා තාත්තට කියන වගේ, පොඩ්ඩ ඇත්තනම් ඔය යකා කියන්නේ "මං නඩු දානවා" කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 487 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17057 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 680 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site