(නිමල කොඩිතුවක්කු)

“වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.

මාලිගාවත්ත ප’ ඩී සිරිසේන ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ පෙළපාලිය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව මරදාන, ටෙක්නිකල් හංදිය ප්‍රදේශයෙන් මේ වනවිට කොළඹ ඒ. ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේ දක්වා ගමන් කරමින් තිබේ.

මෙවර මැයි දින රැලිය සඳහා සමගි ජන සන්ධානයට අනුබද්ධිත පක්ෂ, සිවිල් සංවිධාන, වෘර්තීය සමිති නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටී.

ඡායාරූප : ළහිරු හර්ෂණ