
(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී මේ වනවිට පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් ගාලු මුවදොර දෙසට ගමන් කරමින් තිබේ.
වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන්ස සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වි මේ වනවිට පිත්තල හන්දිය පසුකරමින් කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිදායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාන්ඩාගාරික හර්ෂ ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සමගි ජන බලවේගය පක්ෂ නායකයන් වන දොස්තර රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක් ව සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව අල්ලලා කන්දකාඩු යවලා නිරෝධායනය කරන්න ඕනෑ සති දෙකක්
හම්බන්තොට ජාත්‍යයන්තර වරාය සදාකාලිකව චීනයට විකුණන කොට ඔය පෙළපාළියේ මුදුනේ යන නායකයා මුනිවතයි වසාගෙන ඇඳිවත උනාගෙන හිඳලා ඒකරාශි වූ හම්බන්තොට ජනතාවට කඳුළුගෑස් ගහලා කොළඹින් හම්බන්තොටට රැගෙන ගිය පොලු හමුදාවකින් හම්බන්තොට ජනතාවට පහර දීලා අන්තිමට මාස ගණනක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා අදත් ඒටිකම කරන්න කියලා ආයාචනා කරනවා වගේ දැනෙන්නේ...
අයෙත් රට වහගනන යන්නේ අපේ රස්සා දරුවන්ගේ අධ්‍යපානය කටයුතු නැත්තටම නැති කරනන යන්නේ .මේ වගේ අය ආණ්ඩු හැදුවේ මීට අන්තයි. මිනිසු මෝඩ නැ
එච්චරයි අඩුවකට තිබුණේ... තව සුමාන 2කින් ආපහු කෑගහන්න පුළුවන්... ආණ්ඩුව කොරෝනා පාලනය කළේ නෑ කියලා..! කොහොමද මොලේ..!
ඇවිල්ලා කරයි..!
දැන් ඔය පෙළපාළියක් ගියා කියලා සාමාන්‍ය ජනතාව ලබන වාසි මොනවද? කොරෝනා රැල්ලක් විතරද?
පුතානොගේ සහ අනෙකුත් හෙන්චයියන්ගේ මැටි මොලෙන් කරන වැඩ නිසා තව නොබෝ දිනකින් මහජනතාවට තෑග්ගක් ලැබෙනු ඇත.
තව නොබෝදිනකින් නත්තල් තෑග්ගක් ලැබෙනු ඇත.
නියම නායකඉන් කිසිදා වගකිම් අතහැරියේ නැත.......... .......... ............... .................. !
එහෙම්මම මුහුදට තල්ලු වෙන්න. ඔය සෙනග ඡන්දෙ කාලේත් දැක්කා.
මෙයාලට ඕනේ දහස් ගණනක් මැරිලා හරි මෙයාලගේ අතට බලය ලැබෙන්න.