
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ පළමුව අධ්‍යාපනය බැවින් ඒ සඳහා දිය හැකි ඉහළම ආයෝජන ලබා දී පෞද්ගලික අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයත් අතර ඇති වෙනස නැති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැනුම කේන්ද්‍රීය ගමනක් හා ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා පන්ති කාමරයට පමණක් වෙන් වූ අධ්‍යාපනයට වඩා ලෝකයට විවෘත වූ අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සුහුරු රටක් ගොඩනැගීමට නම් සුහුරු ප්‍රතිපත්තියක් තිබිය යුතු වුවත් ආණ්ඩුවට ඇත්තේ යල්පැනගිය ක්‍රමවේදයන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 305 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත බටුවන්දර කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් පද්ධතියටම දිවා ආහාරය, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න නැති නිසයි රටටම කෙළවුනේ..!
ඒක එහෙම වුනාට මාලිමාව නම් අධ්‍යාපනයට දක්වන්නෙ සජබෙට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්තියක් කියලා විශ්ව විවිද්‍යාල වල හා පාසල්වල වර්තමාන තත්වය අනුව පේනවා එහෙම තියෙද්දි සමහරක් එවුන් මාලිමාව පස්සෙ යන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැහැ විරුද්ධවාදීන් මරලා රටේ සම්පත් විනාශ කරලා ආරම්භ කළ එම පක්ෂයේ එවුන් දැන් දරුවන්ගේ අධ්‍යාපනය නැති කරන්න වර්ජන මෙහෙයවීම කරන්නේ අනාගතයේ පාර්ලිමේන්තුවේ අසුන් ගන්න වෙන්න පුළුවන් ඒ නිසා තමන්ගෙ දරුවන්ට ආදරයක් තියෙන දෙමාපියන් ඔය වර්ජනය මෙහෙයවන මහින්ද ජෝශප් වගේ එවුන් සම්බන්ධ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන පක්ෂයක් දිනවීමට සහාය දෙනවා නම් හොදයි
අධ්‍යාපනය දුන්නාම දැන් වගේ ජනතාව රවට්ටන්න බැරි වෙනවා නේද?
ඒ කියන්නේ රටේ ණය ගෙවලා ආර්ථිකය ගොඩගන්න එක තියෙන්නේ අන්තිම හරියේද?
රාජකීය විද්‍යාලයට ගොස් 8 පංතිය පමණක් සමත් එකෙක් රටේ අධ්‍යාපනය හදන හැටි කියනකොට කොහෙන් හිනවෙන්නද මන්ද .
දැන් නම් ලංකාවේම ඡන්ද ටික වැටෙනවා . රෑ ඉස්කෝල ආරම්භ කලොත් වඩා හොදයි . මේ රටේ හොද බුද්ධිමතුන් බිහිවුනේ රෑ ඉස්කෝලවලින් බැලින්නම් .
මෙන්න කයියදාස පුත්තරයාගේ සුහුරු අධ්‍යාපනයේ සිලබස් එක; හොර මුදල් මුද්‍රණය කිරීමේ ක්‍රමවේදයන්, මුද්‍රණය කිරීම සහ ඒවා කොමිස් පිට " අලෙවි කිරීම ". රට පුරා ඇති නිදන් සෙවීමේ සුහුරු ක්‍රමය, නිදන් ගොඩගැනීමේදී බිල්ලට දීමට කුඩා දරුවන් සොයාගන්නා ආකාරය. නිදන් ගොඩගැනීම ,තක්සේරු කිරීම සහ රහසිගතව අලෙවි කිරීම හෝ රටින් පිටකරන ක්‍රම. සහ තවත් මෙවැනි " අන්ඩර් වර්ඩ් " වැඩ කිඩ . දෙමව්පියනි,ඔබගේ දරුවාගේ අනාගතය මට බාරදෙන්න. මා විසින් රහසිගතව ප්‍රගුණ කරනලද සියලුම ඇට්ටර, නරුම, නස්කුනි පාතාල වැඩ කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියාදී , ඔබේ දරුවත් කන්ජිපානි, හරක් කටා..වැනි ලෝපතල වැඩකාරයෙක් කරමි.
ෆොන්සේකා කිඋවානේ සජිත් සක්වල සුහුරු පන්ති කාමර ලබා දෙන විදිය. සජිය ජනාධිපති වුණොත් පොලිත් එක්ක ඕවාට ගෙවන්න වෙන්නේ
අපිට හිතා ගන්න පුළුවන් පියානෝ කරපු කෙලි වලින් පුතානොගේ තරම,රටේ කරුමෙට මෙයා ජනාධිපති වුණොත් රට පාලනය කරන්නේ එයාගේ භාර්යාවයි අම්මයි
අපිත් ආසයි ජපන් භාෂාව කතා කරන්ඩ ඉගෙන ගන්ඩ.
ලංකාපුත්‍රයො, පරන ඒව කියව කිියවකියව වැලලෙනවට වඩා නරකද වර්තමානය සමග ඉන්න එක, මේ වගේ අගකොන ඉඳල පුලුවන්ද අධ්‍යාපනය දියුණු කරන්න? මෙයාත් එක්ක ඉන්න එක උගතෙක් දූෂිත නොවු අයෙක් කියන්න. එකතු වෙන අයත් එහෙමයි.ජවිපෙ නැත්නම් මෙලහටත් නිදහස් අධ්‍යාපනය වලලලා ඉවරයි මේ කයිවාරු කාරයො? දන්නවද මහපොල අප්රේල් මස සිට ලැබිල නැහැ. දරුවන් අමාරුවෙන් ඉගෙන ගන්නෙ ඉගෙන ගත්තත් යන්න තැනක් හදන සැලසුමක් තියෙනවද ඔය බෙදන සහ හිඟන රටක් හදන සජිත්ලට. පාසල් වල දේශපාලනය කතා කරන මේ උන්නැහේ ගරන කවර කතාද?
කැසිනෝ කාරයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සල්ලි අරගෙන පාසැල් වලට ස්මාර්ට් බෝඩ් බෙදලා හා බස් බෙදලා ලංකාවේ පාසැල් අධ්‍යාපන නගා සිටුවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක මෙයාගේ අවබෝධයේ ප්‍රශ්නයක් විතරයි. අඩුම තරමේ ලංකාවේ පෞද්ගලික පාසල්වල දිග පළල වත් දන්නේ නැති මෙයා ඒවා හා රජයේ පාසැල් අතර වෙනස ලෙස සමහර විට හිතාගෙන ඉන්නවා ඇත්තේ රජයේ පාසැල් වල ළමයින්ගේ සුදු පාට නිළ ඇඳුමේ හා පෞද්ගලික පාසල්වල ළමුන්ගේ විවිධ වර්ණයෙන් යුත් නිළ ඇදුමේ වෙනස විය හැකිය.
එතකොට පුලුවන් ද මාමේ අපිටත් ජපන් බාසාව ඉගෙන ගන්න.