(හසිත රංග ගුණතිලක)
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වහාම ලබා දෙන්නැයි ඉල්ලමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී අද (20) අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.
අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය එෆ්.ආර් සේනානායක මාවත ඔස්සේ පා ගමනින් කොළඹ 07 නිදහස් චතුරස්‍රයට වැඩම කළහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ඔය කොයි කවුරුත් යන්නේ සිවුර ලඟටයි.
අයියෝ දෙයියනේ සංඝයා වහන්සේ ඉල්ලා වැටිච්ච තැන...
එක්සත් ජාතික පක්ෂය කඩවන මහින්ද ඩෙගා පෙරමුණ පාරට ඇවිත්...
මෙන්න එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය...
අපිව තව තවත් කලකිරවන්න එපා හාමුදුරුවනේ. බුදුසසුන ගැන නෙමෙයි. දේශපාලනඥයින්ට කඩේ යන ඔබවහන්සේලා ගැනයි කලකිරීම. එක කට්ටියක් හිරේ ගිය අයගේ දඩ ගෙවන්න පාරවල්වල ඇවිද්දා. සමහරු අපට අහගෙන ඉන්නවත් බැරි දේවල් කියනවා. අනේ සංඝ ගෞරවයට ගිය කලක්...
මෙයිට මස කිහිපයකට කලින් එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ජනතාවට එපා වෙලා තිබුණේ රනිල් නිසා. රනිල් ඉතා සුක්ෂම ලෙස බලු පොරයක් මවාපාලා ඒ විරෝධය තනිකරම රනිල් විරෝධයක් බවට පෙරලා ගත්ත. දැන් මේ උන්නන්සේලට සේරම අමතකයි සජිත් පෙනෙන්නේ අපමහබෝසතනන්ටත් වඩා ඉහල කෙනෙක් විදියටය. ඉස්සර පික්චර් බලන්න ගියාම එකේ පයිට් එකක් දැක්කම දිනපු නළුවා කාලයක් යනකන් අපිට වීරයෙක් වගේ පේනවා වගේ, දැන් සියලු මඩ සෝදා සජිත් සුද්දෝධන වුණාය. මේ වෙළඳ න්‍යාය නිසාම එහි උච්ච ස්ථානයට ඇවිත් හැකි අන්තිම දිනය දක්වාම නරබන්න කුල්මත් කරන සටනක් පෙන්වා අවසානයේ ජයග්‍රාහකයා ලෙස සජිත්ව නම් කර ඒ ජයග්‍රාහී උණුසුම පිට ඡන්දයට යන්නටයි රනිල්ගේ වෑයම. ඒ නිසා නාමයෝජනා දීමේ අවසන් දින දක්වා සජිත් වීරයකු කිරීමේ ක්‍රියාවලිය දිගටම යනු ඇති. මේවට රැවටී ලාම්පුවට රැවටුණු මෙරුවන් මෙන් මේ උන්නාන්සේලා තමන් වහන්සේලාටත් රටටත් කරන අමනොඥ විනාශය නිසාම තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජබෙනු ඒකාන්තය.
අනේ හාමුදුරුවනේ මේ වගේ තුට්ටු දෙකේ දේශපාලුවන්ට කඩේ යන්න එපා.. මේ දේශපාලුවෝ අපිට හැමදෙයක්ම නැති කළා, අපිට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඔබ වහන්සේලාගේ පිහිට තමයි, අපිට සඟ රැකවරණය සහ දහම් රැකවරණයත් නැති කරන්න එපා.. තෙරුවන් සරණයි.
අනේ දුකයි ඇත්තටම සංඝයා වහන්සේලා කියන්නේ එක එක දේශපාලුවන්ට කඩේ යන්න ඉන්න අය නෙවෙයිනේ..!!! අනේ දුකයි ..!! මෙහෙම දේවල්..!!! අනේ අපේ රට සහ අපේ ආගම..!!!
සජිත් දිනීමෙන් වෙන්නේ රනිල්ගේ විධායක අගමැති සිහිනය ස්ථාවර වීමක් බව මේ උන්නාන්සේලාට නොතේරේද? ඔය පෙළපාලි යන්නේ පඹ ජනාධිපතියකු වෙනුවෙනි.
අනේ මන්දා බන්, මේ අයට මොනවා කැවිලද කියලා..?
අනේ අර සාමනේරවරුන්වත් ගෙන්වලා තිබෙන්නේ දේශපාලන කමටහන් දෙන්නද?
හාමුදුරුවරුනි,. බුදු හාමුදුරුවන්ගේ නාමයෙන් ඔය වැඩ කරන්න එපා.
බුද්ධ දර්ශනයෙන් ඔබ්බට ගිය බඩගොස්තර වාදය ඇස් පනා පිටම ඔප්පු කල තවත් එක්තරා සුන්දර දර්ශනයක්. බෞද්ධයින් වූ අපට මාර ආඩම්බරයක් තමයි හිතට දැනෙන්නේ? කාටද ආඩම්බර?
මේ හාමුදුරුවන් වහන්සේලා දැක්කහම දුකක් ඇතිවෙනවා.'හීන මානයෙන් අගතැම්පත් මිනිහකු වෙනුවෙන් මේ විදියට දගලන්නේ.
මේ භික්ෂූන්ව හික්මවන්න බැරිද, මේ රටේ බුද්ධාගම බේරා ගන්න?
තමා පැවිදි වුණු පරමාර්ථය ගැන හිතන්න. මේ උතුම් බුද්ධ චීවරේ බාල්දු කරන්න එපා එක එක දේශපාලකයන්ට කඩේ ගිහින්. අපි පෙනීසිටින්න ඕනෑ රට, ජාතිය, ආගම වෙනුවෙන් පොදු අරමුණුවලට මිසක් එක එක පුද්ගලයන් වෙනුවෙන් නෙමෙයි. ඔබ වහන්සේලා මේ කරන දේවල් නිසා අපිට පැවිද්දන් විදිහට විශාල ලැජ්ජාවකුයි දැනෙන්නේ...
අනේ හපොයි, අපේ මහා සංඝරත්නය මේ තරමට පිරිහිලද..? හරිම කණගාටුයි.
සසර යනු කුමක්දැයි තේරුම්ගෙන, පිරිසිදු බුද්ධ වචන අනුව ඒ නිවන ප්‍රත්‍යක්ෂයෙන් සාක්ෂාත් කිරීමේ අරමුණ පෙරදැරිව බුද්ධ චීවරය දරන උතුම් යතිවරයාණන් මෙවැනි දේට පෙළැඹෙන්නෙ නැහැ. බුද්ධ බෝග වලට ආශාවෙන් බුදුන්වහන්සේ ජීවමාන සමයේත් මෙවැනි අය උන්නා. ශාසනයේ පැවැත්මට කියලා නොදරුවන් පැවිදි කිරීමේ ආදීනව තමා මේ... එසේ පැවිදි කරන කුඩා දරුවන්ගේ ඉතා සීමිත පිරිසයි සසුන් වැඩ ඇතිව පිලිවෙත් පුරන්නේ. ජීවිතයේ ආශ්වාදය නොදන්න නිසා ආදීනවයක් නොදන්න, ආදීනව නොදන්න නිසා නිස්සරණය සොයා යන්නට වුවමනාවක් නැති අය පසු කාලයේදී ගිහිවත් පිලිවෙලට සිවුරේ හිඳිමින්ම යොමු වෙනවා. එයම හේතුවක් නිවන් මාර්ගය වැසී යාමට.. අද තියෙන්නේ පීකර් බුදු දහමක්. අසල් වැසියන්ට කරදර වෙන පරිදි මහා සද්දෙන් කවිබණ පිරිත් දැම්මහම සේරම හරි කියලා හිතන ගිහි පැවිදි අය වැඩිපුර ඉන්න කාලයක්. දුප්පතෙකුට කඨින පිංකමක් කරන්න අවකාශ නැති කාලයක්...
ධාතු පූජා, අටවිසි බෝධි පූජා, පලතුරු පූජා, ගිරිභණ්ඪ පූජා, යනාදී වශයෙන් බොහෝ පූජා වර්ග, ප්‍රාර්ථනා විධි බහුල, ආමිසයම උත්කර්ශයට නංවා මුදලට මුල්තැන දීම නිසා ප්‍රතිපත්තිය යටපත් වූ කාලයක්. එමනිසා, නිවන් දකින්නට අබමල් රේණුවක් හෝ හිතේ ඇති මිනිසුනි... මෙව්වා උදාහරණ ලෙසින් ගෙන, මෙව්වා සමග ගැටෙන්නට නොයා තමන්ගේ ආත්ම විශුද්ධිය පිණිසම කටයුතු කරව්... !
මොන විකාරයක්ද මේ? කවුද ඔය කියන පුද්ගලයා ඉල්ලන්නේ? රටේ මිනිස්සුද? නැත්තං පක්ෂයක් බදාගෙන ඉන්න මෝඩ මිනිස්සු ටිකක්ද? මොනවද මේ මනුස්සයා පහුගිය අවුරුදු 4ක් තිස්සේ රටට විනාශකාරී තීන්දු තීරණ ගනිද්දී කලේ? වචනෙකින් විරුද්ධව කතා කළාද? මේයා නෙමෙයි කවුරු ගෙනාවත් මේ පාර පරදිනවා. ඒකෙ දෙකක් නැහැ.
අපේ රටත් විනාශ වුණේ මේ දේශපාලකයින් නිසා හා දේශපාලනයට බැඳුණු ඇතැම් සංඝයාවහන්සේලා නිසාවෙනි.
පහුගිය දවස් වල සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පිල්ලි ගහපු කෝටි 120න් ඇබිත්තක් ලැබුණු සජිත්ගේ අය...
7 - 8 වතාවක් රැවටිලත්, තාමත් කපටින්, හොරුන්, මිනීමරුවන්ට කඩේයන්න ලැජ්ජනැද්ද?
යැදලා කිසිම දෙයක් ගන්න බැහැයි කියලා බුදුහාමුදුරුවන් කීපු කාරණයවත් අහන්නේ නැද්ද? දන්නේ නැද්ද?
පක්ෂයක ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ඉල්ලන්නේ එම පක්ෂයේ සංවිධාන හා සාමාජිකයෝ. එජාපයේ සජිත්ට අපේෂ්කත්වය වහාම ලබා දෙන්නැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ ඉල්ලන්නේ බුද්ධ ශාසනය UNP වෙලාද?
අපේ පිවිතුරු බුදු දහම විනාශ නොකර, කරන සංදර්ශනයක් කරන්න...
සජිත් ආවේණිකවම ජනතාවාදීය. ඔහු නිරන්තරයෙන්ම ජනතා හඬ අනුව වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කරයි. විධායක ජනාධිපති ක්‍රමය, ආර්ථික මොඩලය, මාධ්‍ය නිදහස හෝ වෙනයම් නිශ්චිතව ප්‍රතිපත්තියක් ප්‍රකාශිත විය යුතු තැන ඔහු ප්‍රතිපත්තිමය අදහසක් දරන්නේ නැත. එසේම අන්ත සුභසාධනවාදීය. සියළු දේ නොමිලේ දීමට සූදානම්ය. මෙහි ආර්ථික ප්‍රතිඵලයන් ගැන අසංවේදීය. සජිත් පිලේ කිසිම කෙනෙක් විවෘතව පැමිණ ඉරාන්, හර්ෂ, මංගල පවා මේ ප්‍රතිපත්ති විවේචනය කරන්නේ නැත. මෙය කෘතිම තත්වයක් බව කිවයුතු නොවේ. රනිල්ගේ ප්‍රතිපත්ති සමඟ කෙලින් හැප්පෙන කිසිම කෙනෙක් සජිත්ගේ යෝජනා සමඟ ගැටෙන්නේ නැත. යම් තීරණාත්මක තැනකදී 'සජිත් කෙලවා ගන්නවා නම් කෙලවා ගනින්' යන ප්‍රතිපත්තියේ බොහෝ දෙනෙක් සිටින බව පෙනේ. හරීන් සජිත්ට වඩා ආර්යාවට හිතැතිය. මලික් සහ කබීර්ව සජිත් පිළට ඇද දැමුවේ සිරිසේන ජනාධිපතිවරයා බව ප්‍රසිද්ධ කාරණයකි. යහපාලන රජයේ වඩාත් ආන්දෝලානාත්මක චරිතය මලික් ලෙස සැලකේ.
ස්වාමීන් වහන්සේලා පාත්තරය අතහැර මුට්ටිය රැගෙන පිණ්ඩපාතයේ යාම සුදු අධිරාජ්‍යවාදී පාලන සමය තුළ ආගම පරිහානියට යැවීම, රටට නොගැලපෙන නුපුරුදු දේශපාලනය හඳුන්වා දීම තුළින් සාපරාධී ලෙස සමාජ ව්‍යවසනය, විනය පිරිහීම පිළිබිඹු කරයි.
පත්තර දෑතේ නැත. මුට්ටි නම් ඇත.
සිවුරු කොළ පැහැයෙන් විය යුතු වෙනවා.
සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ ගොටු ගමනක...
පන්සිල් පද පහවත් රකින්න බැරි ගිහියන්ට මහා සංඝරත්නය කියන්නේ කවුද?
පන්සලට වෙලා හිටපු එකේ වෙනසකටත් එක්ක ඔහොම දෙයක් කරන එක හොඳයි.
මම බෞද්ධයෙක් හැටියට නායක හාමුදුරුවරුන්ගෙන් ඉල්ලනවා සජිත්ටවත්, ගෝඨාටවත් කාටවත් මේ විදිහට කඩේ යන්න හමුදුරුවන් පාරට බස්සන්න එපා කියලා, අපේක්ෂකයිනි, මේවා කරවලා බෞද්ධ අපිව තවත් නැතිකරන්න එපා. සජිත් මහත්තයෝ, කවුද මේ වැඩේට මුල්වුණේ?
ලැජ්ජා නැතිකම හාමුදුරුකමටත් වඩා ලොකුයි කිව්වලු? එක අතකට ඉතින් කොතැනින් හරි බඩපිරෙනවා නම්, මොන ලජ්ජාවක්ද අපට, නේද?
සංඝ විනය පිරිහිලා. මහනායකවරු නින්දේ!! නැහැ, ප්‍රකාශ නිකුත් කරනවා...
පාත්තරේ දරාගෙන පිඬු සිඟා වැඩිමෙත්, පොල්කට්ට අරගෙන සිඟමන් යෑමේත් වෙනස පැහැදිලියි.
අනිත් ආගමික උන්නාන්සේලාට පක්ෂ දේශපාලනේ ගැන මේ තරම් භක්තියක් නැතිවීම ගැන අපිට ලැජ්ජයි. ඉක්මණටම මේ ස්වාමීන් වහන්සේලාගේ සීලවන්තකම ආදර්ශයට අරගෙන කටයුතු කරන්න.
දින කිහිපයකට කලින් සාමනේර උන්නාන්සේලා දෙනමකට අපවත් වෙන්න තරම් ගහලා තිබුණා වසලයෙක්. මේ කිසිම උන්නාන්සේ නමක් ඒ දෙනම වෙනුවෙන් එක බෝධි පූජාවක් කලාද? දේශපාලුවෝ වෙනුවෙන් මේ කඩේ යාම නතර නොකළොත් බුද්ධාගමේ අභාවය වැඩි ඇතක නොවෙයි. හරිම කණගාටුයි රටකට ගිය කලක්...
පිනට කන්න දෙනවා නම්... පිනට බොන්න දෙනවා නම්... මොන කෙං ගෙඩියද තව ඕනෑ කියන්නේ?
සජිත්ට දෙමල අයයි, මුස්ලිම් අයයි සපෝට් එක දෙන්නේ මොනවා පොරොන්දු වුණ නිසාද කියා සොයා බැලුවද? මෙයා පන්සල්වලට දුන්නේ ජනතා මුදල්. අනුර බණ්ඩාරනායක කිව්ව විදිහට ලැවරියා වික්කා. මේ පරම්පරාවට පන්සල් හදන්න ගේන්න තරම් සල්ලි කොහෙන්ද ආවේ...?
සාමනේර භික්‍ෂූන්ට පහරදීම යුනිසෙෆ් හෙළා දකී. කෝ මේ දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යන සංඝරත්නය ප්‍රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ යයි කියා ගන්නා උන්නාන්සේලා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ හෝ වෙනත් තැනකදී මෙහෙම හෙලා දැක්කද මේ සිදුවීම? බුදුන්වහන්සේම වදාල පරිදි 'මහණෙනි, මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා' යැයි උන්වහන්සේ කළ ප්‍රකාශය මේ අවස්ථාවේ සිහිපත් වෙයි.
සාමණේර හාමුදුරුවෝ දන්නා දේශපාලනයක් නැහැ . මේකට ලොකු හාමුදුරුවරුන් වගකියන්න ඕන. මේවා පහත් වැඩ. ජඩ දේශපාලනය අපේ හාමුදුරුවෝ මුලා කරනවා.
සංඝයා වහන්සේලා දේශපාලනයට අතීතයේ සිටම මැදිහත් වුණා. නමුත් ඔවුන් දේශපාලුවන්ට කඩේ ගියේ නැත.සිවුර හෑල්ලුවට ලක් කරන්න එපා.
මේ අයටතේරෙන්නේ නැද්ද ඔහු අගමැති උනොත් ඔහු බුද්ධාගම මුළු රටින්ම අතුගා දමා මේ රට අැමෙරිකන්කාරයින්ට රට පවා දෙන බව.
උස අය සිකුරිටි, මිටි අය කම්කරු.මේක තමා එතුමාගේ ප්‍රතිපත්තිය, ඉතුරු ටික ඔබට භාරයි. මේවගේ කෙනෙකුට රටක් භාර දුන්නොත් අායෙමත් රටක් කියල එකක් ඉතුරු වෙන්නේ නැහැ.
නිකම් සිවුරු පොරවා ගෙන බුදුසසුනටත් නිගා දෙන අය නියම හාමුදුරුවරු නොවේ.
නිකම් සිවුරු පොරවාගෙන බුදුසසුනටත් නිගා දෙන අය නියම හාමුදුරුවරු නොවේ. සිරිපාල මහතා ඉන්දියාවේ මේ අයට කියන්නේ නිගන්ඨයෝ, නැතිනම් සාදුවරු කියලයි. ඉන්දියාවේ ආනන්ද බෝධිය අවට මේවගේ අය ඉන්නවා... අරමුණක් නැහැ..
කුඩා සාමනේර වහන්සේලා මේ ප්‍රශ්ණ වලට රැගෙන නොආ යුතුය. පැවිදි වුනත් වයසින් බාල නිසා ළමා රක්ෂණ අධිකාරියේ අධීක්ෂණයට මේවා ලක්විය යුතුයි.
මුලතිව් නයාරු ගුරුකන්දේ රජමහවිහාරයේ නායක හාමුදුරුවන්ගේ දේහය පන්සල්වත්තේ ආදාහනය කරන්නවත් ඉඩදෙන්නේ නෑ.
එක්සත් ජාතික පාක්ෂිකයන් අදහන ආගම එම පක්ෂය වෙනවා බොහොමයක් දෙන එම එජාප නම් ආගමේ ව්‍යවස්ථාව දැකල වත් නැහැ එතන බෞද්ධ හින්දු මුස්ලිම් ආගම නැහැ ඇත්තේ සිරිකොත සහ අලියා ලකුණ පමණි ධර්ම චක්‍රය ඔවුන් පිටු දකිනවා නැතිනම් අමතක කරනවා බෝම්බ දස දහසක් තම නායකයන්ගේ නොසැලකිල්ල , අකාර්යක්ෂමතාව නිසා සිදු උනත් මුදල් වංචා මගින් රටත් තමනුත් අගාදයට වැටුනත් ඔවුන් පක්ෂයට සදා ලැදිය අතහැර නොයයි දිවි පුදයි ගිනිතබා ගනියි.
තවත් ඡන්ද දෙන්න කියන්නේ අර අපවත් උන හාමුදුරුවන්ව භූමදාන කරන්නවත් ඉඩක් දෙන්නේ නැති ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැති. ඕකම ඇති නේද ඔබ වහන්සේලාට වෙන දේ දැනගන්න..... තවත් කඩේ යන එකේ පලක් නැත......
එජාපයට දේශනා කලේ මොන සූත්තරේද?
හාමුදුරුවනේ දේශපාලනයට නොයා පන්සලට වෙලාවට දානේ අරගන්න නැත්නම් ඔය ලැබෙන දානෙත් නැති වේවි.
මුලතිව් වඳින්නේ කවදාද?
අනේ ස්වාමීන් වහන්ස, අර මුලතිව්වල නායක හාමුදුරුවන් වහන්සේ නමකගේ ආදාහනය කරන්න දෙන්නේ නැතුව නඩු කියනවා.. ඔබ වහන්සේලා සංඝයා වහන්සේලාට සිද්ධ වෙන අකටයුතුකම්වලට මෙහෙම ක්‍රියාවක් කළා නම් අපිට සතුටු වෙන්න තිබුණා. මේ ක්‍රියාව ගැන නම් අපිට හරිම පිළිකුල්.. පක්ෂයක් තුළ සිද්ධ වෙන කුලල් කා ගැනීම්වලට ඔබ වහන්සේලා මැදිහත් වෙන එක අපිට අනුමත කරන්න බැහැ. අපිට නම් එහෙම වුණොත් කොහෙත්ම උතුම් වෙන්නේ නැහැ..
ඔබ විසින් රට සුරකින පාගමන යායුතුව තිබුනේ ටී.එන්.ඒ සහ අන්තවාදි මුස්ලිම් නායකයින් සමග හොර ගිවිසුම් ගහන විටය. වනතවිල්ලුවෙ වනසන්හාරයට එදිරිවය. රජයෙ මුදල් අවභාවිතයට එදිරිවය. රජයේ දේපොල විකුනනවාට එදිරිවය. අපවත් වී වදාල හිමිනමකට හිමිකළ යුතු ගරුත්වය පවා විනශ කළ රජයට එදිරිවය.
නායරු ගුරුකන්දේ විහාරාදිපති ස්වාමින් වහන්සේගේ දේහය ආදාහනය සිදුකිරිම වෙනුවෙන් ඔබ වහන්සේලගේ ශාසනික මෙහෙවර කරන සේක්වා...!
සිංහල බෞද්ධ ජනතාවගේ කනස්සල්ල සිත් පෑරෙන පුවත් ජනවාරි 1න් පසුව පහවී යන්නේ රටේ ජනතාවගේ තීරණය අනුවය රට හැර ගිය වුන් තවදුරටත් අප මව්බිමේ පුරවැසියන් නොවේ. ඔවුන් දැනට ජීවත්වෙන රටේ ප්‍රශ්න ගැන පමණක් යොමු වී අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න