
(අංජුල මහික වීරරත්න)
ජනතාව ඉල්ලන සමාජ ප්‍රතිසංස්කරණ ඉටුකිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයෙන් පිහිටවූ ජාතික වැඩපිළිවෙළක් සැකසීමේ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන ලේකම් ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පත්කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු ආර්ථික දේශපාලන හා සමාජය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණ ඇතිව නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මෙම මහලේකම් කාර්යාලය පිහිටුවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය .
ජනතාව විසින් ඉල්ලා සිටින සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවයක් ඇතිකර ගැනීම සහ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කිරීම මෙම මහලේකම් කාර්යාලයේ අරමුණ බව ද බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තත්ත්වය දඩමීමා කරගෙන නටනවා.. හැබැයි ජනතාවට නියම ආතල් දෙන්නේ... ඒකත් හොඳයි. මොකද ජනයා පීඩනයකින්නේ ඉන්නේ...!
මේ අමු මිරිස් කාපු හාදයා නේද?
හොඳයි. අවංක පුද්ගලයෙක්. යමක් කළ හැකි අයෙක්...!
මෙතුමාට හැකියාවක් තිබෙන අවංක කෙනෙක් රටට ඕනේ.. මෙවැනි හොර බොරු නැති අය...!
රටට ජනතාවට යහපත් දේ කරන්න ඔබට හැකි වේවා...!
මෙලෝ රහක් නැති පොරක්... රාජපක්ෂ නමත් කියන්න බයයි. බුද්ධික පතිරණ සජිත්ට ගැලපෙනවා.
මුන්ට සැලැස්මක් වත් තවම නැහැ අනේ අම්මෝ මෙහෙමත් විපක්ෂයක්. දැන් තමයි සැලසුම් හදන්නේ. ඕක ඉවරවෙනකොට වෙන එකෙක් ජනාධිපති වෙලත් ඉවරයි. ඔබතුමාට රටක් පාලනය කරන්න බෑ කියලා තේරෙන්නේ නැත්තේ ඇයි. ඔය විපක්ෂ නායක කම දෙන්න බැරිද ළමයෙක්ට මේ වෙලාවේ ගොඩක් වැඩ කරයි රට වෙනුවෙන්. ගොටභය මහත්තයත් ගෙදර ගිහින් ගොඩක් කල් එහෙනම්. ඕවා මොනවා හරි කර කර ඉන්න එතකොට ජනාධිපති වෙන්න පුළුවන් වෙයි ශ්‍රීලංකා වේ...........
හොඳ හිතක් තියෙන මනුස්ස්යෙක්. රජයෙ මුදල්වලින් හරි මිනිස්සුත් ගෙවල් හදාගන්නත් උදවු කලා. අනිත් උන් වගේ තමන්ගෙ මඩිය තර කරගත්තෙෑ.