(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල්)
ශ්‍රී ලංකාව කියන්නේ හොද රටක් ඒ වගේම හොද මිනිස්සු ඉන්නේ, අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්යි පහසුකම් කිසිවක් නොමැති බව ජර්මනියේ සිට ලංකාවේ සංචාරය සදහා පැමිණි කාන්තාවක් නුවරඑළියේදී පැවැසුවාය.
නුවරඑළියේ ඉන්ධන පිරවුම්හල ත්‍රි රෝද රථයකින් පැමිණි එම කාන්තාව මෙසේ පැවැසුවාය.
මම ලංකාවට ආවේ මිට දින කිහිපයකට කලින් කටුනායකින් කුලි පදනම මත ලබාගත් ත්‍රි රෝද රථයකින් තමයි ලංකාවේ ලස්සන තැන් බලන්න සැලසුම් කළේ.
මම නුවරළියට ආවේ (21) දින , මම (22) දින ඇල්ල ප්‍ර දේශයට යන්න තමයි ත්‍රි රෝද රථයෙන් ඉන්ධන පිරවුම්හල අසලට ආවේ හැබැයි මට ඇල්ලට යන්න පෙට්‍රල් ටිකක් ගන්න මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නැ.
මම කටුනායක ඉදලම ත්‍රි රෝද රථයෙන් යන සැම ස්ථානයකම ත්‍රි රෝද රථයේ ප්ලාස්ටික් බෝතලයක් තියාගෙන ඉන්නවා පෙට්‍රල් තියෙන තැනකින් ගන්න.
දැනට ත්‍රි රෝද රථයේ තියෙන පෙට්‍රල් වලින් යන්න පුළුවන් උපරිම දුරක් යනවා“ යනුවෙන් ඇය පැවැසුවාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සංචාරයට එන්න කීවත් ඇවිදින්න යන්න තෙල් නෑ
නාමල් Tuesday, 22 March 2022 07:33 PM
ත්‍රි වීල් වලින් යන ටුවරිස්ලා තමා එන්නෙත්..
බද්රානි Tuesday, 22 March 2022 08:25 PM
ජර්මනියේ ඉපදුණාට වැඩක් නැහැ. නැත්නම් ඉතින් මේ රටේ මිනිස්සුන්ටවත් ජීවත් වෙන්න බැරි වෙලාවේ සංචාරකයෝ මොකට එනවද? ලෝකයේ කොච්චර සුන්දර රටවල් තියනවද සංචාරය කරන්න...