සංචරණ සීමා පනවා තිබියදී පවා, ගතවුණු පැය 24 ක කාලයේ මාරාන්තික අනතුරු හයක් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සංචරණ සීමා පැනවීමෙන් පසු දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම අනතුරු සංඛ්‍යාව මෙය බව ද ඒ මහතා පෙන්වා දෙයි.
සංචරණ සීමා පැනවූවත් මාර්ග අනතුරු වැඩිවීම කනස්සල්ලට කරුණක් බවත්, ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අවධාරණය කර තිබේ.
(ඩේලිමිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙ තියෙන සංචරණ සීමාවක් ගැනද කතා කරන්නේ...?
මොන සංචරණද මේවා...? අලුත් බෝට්ටු යන්නේ පාරේ...එච්චරයි.
කවුද කියන්නේ සංචරණ සීමා දාලා කියලා..? මේක අමු බොරුවක්. මේක දැම්මේ දොස්තරගෙන් බේරෙන්න විතරයි. ඔක්කොම තමතමුන්ට ඕනෑ විදිහට ගමන් බිමන් යනවා. ඉස්කෝල ළමයිනුයි, වයසක උදවියයි...විතරයි ගෙදර ... ඒ අය ඉතින් කොහොමත් ගෙදරනේ. මේ විදිහට සංචරණ සීමා දාන්න පුළුවන් අවුරුදු 100ක් විතර...