(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා එළඹෙන පළමු වැනිදා සිට ජංගම දුරකතන යෙදුමක්(මෘදුකාංගයක්) දියත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.
මෙම ජංගම දුරකතන මෘදුකාංගය භාෂා 7 කින් ක්‍රියා කළ හැකි බවත් කලාපයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන හොඳම ජංගම දුරකතන මෘදුකාංගය බවට මෙය පත්වන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.
මෙම මෘදුකාංගයේ ත්‍රී රෝද රථ ලියාපදිංචි කර කේතයක් එම රථ සඳහා ලබා දෙන බවත් සංචාරකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවකදී එම කේතය ස්කෑන් කර උදව් ඉල්ලා සිටිය හැකි බවත් ප්‍රනාන්දු මහතා පෙන්වා දී ඇත.
එපමණක් නොව මෙම ජංගම දුරකතන මෘදුකාංගය වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මකවන ඇමතුම් මධ්‍යස්ථානයක් තිබෙන බවත් පොලිසියට මෙම මෘදුකාංගය නිරීක්ෂණය කරමින් අවශ්‍ය වූ විට ක්‍රියා මාර්ග ගැනීමට හැකියාව පවතින බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයින්ට, ඩොලර්වලට ඉන්ධන කාඩ් එකක් දෙනවා කිව්වාම ලංකාවට ඇවිත් ඩොලර් 300ක් දීලා කාඩ් එකක් ගත්තා. සම්පත් බැංකුවෙන් කාඩ්එක ගනිද්දී ඩොලර් 5ක් කපා ගන්නවා සහ සෑම මුදල් නැවත දැමීමේදීත් ඩොලර් 5ක් ගන්නවා. දැමු මුදල් නැවත ගැනීමක් සිදුකරන්න බැහැ. කාඩ් එක අරන් එයාපෝට් එක ළඟම තියෙන 18 කණුව පිරවුම්හලට ගියා තෙල් ගහන්න... ඔය කාඩ්වලට තෙල් ගහන්න අපිට අදාල මැෂින් නැහැ. ඔන්න උත්තරය... කිසිම ලංකාතෙල් සංස්ථාවේ පිරවුම් හලක් මේ වනතුරු හම්බ වුනේ නැහැ. නමුත් ලාෆ් සහ ඉන්දියන් පිරවුම්හල්වල නම් මේ කාඩ්එකට තෙල් ගහනවා. ලංකාවේ කරන තරමක් කරන්නේ අමු ගොන් වැඩ. ඔහොම කළාම සංචාරකයින් එයිද? එන එකත් නැතිවෙනවා මිසක්. ආණ්ඩුවෙන් පටන්ගත්තු වැඩේ ආණ්ඩුවේම ආයතනය ක්‍රීයාත්මක කරන්නේ නැහැ. නමුත් පුද්ගලික ආයතනය කරලා සල්ලි ගන්නවා...!