(සුජිත් හේවාජුලිගේ )
සංචාරක මණ්ඩලයේ අනුමත සියලුම හෝටල් සඳහා මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි.
ජෛව බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර රට විවෘත කිරීමෙන් පසු ජනතාව මත්පැන් අලෙවිසල් ඉදිරිපිට එක්රොක්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වගකීම එම බලපත්රලාභීන්ටම ලබාදීමට තීරණය කර ඇතැයි සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේය.
ඒ ස්ථානවල ජනතාව එක් රොක්වීම සිදු වුවහොත් එම බලපත්‍රලාභීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීවේය.
දිවයින පුරා ඇති මත්පැන් අලෙවි සල් සංඛ්‍යාව 4500කි.
මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා රජයට දිනකට සිදුවන පාඩුව රුපියල් කෝටි හැත්තෑවකට අධිකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේ දවස් වල වෙන මොනවා හරි ප්‍රශ්ණ නැහැ නේද ?
අයහපත් දේවල් කරන එක අඩු කරන්න කටයුතු කිරීමයි යහපත් ක්‍රියාව වෙන්නේ. මුදල් ගැන ලෝභය ඇතිකරගෙන විදේශිකයින්ට උවත් සුරා බොන්න පහසුකම් වැඩි කිරීම අයහපත් ක්‍රියාවක්. ඔයිට වඩා හොඳ නැද්ද විදේශිකයින් තුළ ධර්මාවබෝධය කෙරෙහි උනන්දුව ඇති කෙරෙන ආකාරයේ සංචාරක වැඩපිළිවෙලක් දියත් කළොත්?
මිනිස්සුන්ට පාන් කියාගන්න විදිහක් නෑ.. හෝටල්වල බොන්න ලෑස්ති කරන්නේ මේ පොඩි මිනිස්සුන්ටද? කන්න නැතිනම් සියල්ල අමතක වෙන්න බොන්නද කියන්නේ? මේ නීති ලෝකෙටම එකයි.. මේ දූපතේ විතරමයි...
එහෙනම් ඊළඟ කොරෝනා රැල්ලට ලෑස්ති වෙන්නකෝ...!
විදේශිකයන්ට ඒක නීතියක් ස්වදේශිකයින්ට තව නීතියක්
ඔන්න අපේ උපාසක නෝනලයි මහත්තුරුයි කෑගහයි දැන්... බොන්නේ නැති අය නොබී ඉන්නවලා. නිවන් දකින්න ගොඩක්ම ආසයි නම් ඉක්මණටම කොරෝනා හදාගන්නවලා. මොකද එහෙට යන්න ඕනේ පළමුවන සුදුසුකම මැරෙන එකනේ..
දැන් සුද්දෝ විතරක් බිව්වම හරිද
ඕවාගේ තියන මිල මට නම් ගෙවන්න බැහැ... බලාගෙන ඉන්න අපේ හන්දියේ එක අරිනකම්... සුමිහිරි පානය පදමට ගහන්න..
සංචාරක හෝටල් වල කට්ටියම එකට එකතු වෙලා සතුටු සාමිචියේ යෙදෙමින් මත්පැන් පානය කලාම කොරෝනා හැදෙන්නේ නැද්ද?
යුරොපයෙ රටවල් ලොක්ඩවුන් කලාම මධ්‍යසාර තහනම් කරන්නෙ නැහැ. බොන අය බොනවා පාටි දාන්නෙ නැතිව. ලංකාවෙ ඉන්න සුද්දන්ට එක නීතියකුත් රටෙ පුරවැසියන්ට තව නීතියක්. අමුතු නීති ලංකාවෙ විතරයි.
අරක්කු වෙනුවට එම මුදලටම වෙන මොනවා හරි දෙයක් හොයලා බලමු .අර කුඩු ,සිගරට් වගේ
කෝ බමුණා ඇවිල්ලා මොනවා හරි අදහසක් ලියන් නැද්ද ?බෞද්ධ කම කෝ සර්ගේ ?
ඔන්ලයින් අනුමත කළොත් බොන මිනිහා ගෙදරට ගෙන්නලා බොයි.
හෝටල් ,අවන්හල් .කෑම කඩ සේරම විවෘත කරන්න
සුරාසැල් අරින්න කලින් රට අරින්න. කීයක් හරි ජනතාවට හොයාගන්න. හැමදාම කඩේ ගියේ සුද්දගේ සාක්කුව පුරවන්න, ඔය සුරාසැල් වල විකුනන්නේ රට බීම
පන්සිල් පද පහ අතුරෙන් සුරාමේරය කරන අයත් මේ කොරෝනා අස්සේ ඉන්නවා නේද