(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)

මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1129.4 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වේ.

නොවැම්බර් මාසය තුළ පමණක් ශ්‍රී ලංකාව සංචාරක කර්මානත්ය තුළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 107.5 ක ආදායමක් උපයාගෙන ඇතැයි එම දත්ත වාර්තා පෙන්වා දී තිබේ.

නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 59,759 ක් පැමිණ ඇති අතර එය ඔක්තෝබර් මසට සාපේක්ෂව සියයට 42 ක වර්ධනයකි.ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11 ක කාලය තුළ සංචාරකයන් 628,017 ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

නොවැම්බර් මාසයේදී සංචාරකයන්ගේ දෛනික පැමිණීමේ සාමාන්‍ය 1991 ක් ලෙස සටහන් වූ අතර ඔක්තෝබර් මස 1355 ක් වූ සංචාරකයන්ගේ දෛනික පැමිණීම සමග සසඳන විට එය සැලකිය යුතු වර්ධනයකි.

2021 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 104,989 ක් පැමිණ තිබූ අතර ඉන් ශ්‍රී ලංකාව උපයා ගත් ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 273.6 කි.